ප්‍රවීන ගායන ශිල්පී ඩෙස්මන් ද සිල්වා මහතා ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර දී අභවප්‍රාප්ත වී තිබේ.

හදිසියේ ඇතිවූ හෘදයාබාධයකින් ඒ මහතා මියගොස් ඇති බව වාර්තා වෙයි.

ඔහු මියයන විට 79 වැනි වියෙහි පසුවිය.

ඩෙස්මන් ද සිල්වා මහතා ලෝකල් එල්විස් ප්‍රෙස්ලි නමින් ද ජනාදරයට පත් විය.

මෙරට බයිලා කලාවේ රජු ලෙස විරුධාවලිය ලත් ඩෙස්මන්ඩ් ද සිල්වා මහතා දශක 4කට අධික කාලයක් සංගීත ක්ෂේත්‍රයේ නොමැකෙන සටහනක් තැබු ගායකයෙකු ලෙසයි සැලකෙයි.

‘චූඩා මාණිකේ’, ‘යන්න රට වටේ’, ‘සුමිහිරි පානේ පදමට ගහලා’, ‘ලංකාවට බයිලා ගෙනා වොලී බැස්ටියන්’, ‘පොල්කටු හැන්දෙ මිට වගේ’, ‘මම්ම නෝ පප්ප නෝ’, ‘යමන් බණ්ඩො’, ‘කකුල කකුල කකුල මගේ’, ‘එතකොට, රෑ දොළහට ලයිට් ගියා’, ‘කිරිල්ලී රන් කිරිල්ලී’ වැනි ගීත රැසක් ඔහු විසින් ගායනා කළේය.

- ඔබගේ මිතුරන්ටත් බලන්න Share කරන්න..

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here