සමගි ජනබලවේගයේ සජිත් ප්‍රේමදාස මහතාගේ පාර්ශ්වය සහ විකල්ප මතධාරී පාර්ශවය අතර ගැටුම තවත් උග්‍ර වී ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

යහපාලන ආණ්ඩුව සමයේ මත්තල ගුවන්තොටුපොළේ වී ගබඩා කළේ තම දේශපාලන ප්‍රතිරූපය විනාශ කරන්නට යැයි සජිත් ප්‍රේමදාස මහතා ඉකුත්දා කළ ප්‍රකාශය සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් රැසකගේ විවේචනයට ලක්වූ අතර ඔවුන් සඳහන් කළේ සජිත් පේමදාස මහතා කළ යුත්තේ තම හිටපු නායකයා වන රනිල් වික්‍රමසිංහ මහතා විවේචනය කිරීම අතහැර ආණ්ඩුව විවේචනය කිරීම බවයි.

කුමන මතභේද තිබුණත් තමන් දේශපාලන ගුරුවරයා ලෙස සලකන්නේ රනිල් වික්‍රමසිංහ මහතා බව ද එම මන්ත්‍රීවරුන් සඳහන් කර තිබේ.

සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් බහුතරයක් මෙලෙස ප්‍රසිද්ධියේම රනිල් වික්‍රමසිංහ මහතාගේ ගුණ වයන්නට පටන් ගැනීම සජිත් හිතවාදී මන්ත්‍රීවරුන්ගේ දැඩි කනස්සල්ලට ලක්ව තිබෙන බව ද දැනගන්නට ඇත.

හිටපු අග්‍රාමාත්‍ය සහ එක්සත්  ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාද පෙරේදා විද්‍යුත් මාධ්‍යයක සාකච්ඡාවකට සහභාගී වෙමින් සඳහන් කළේ තමන් හැදූ දෙවැනි පෙළේ බහුතරයක් දැන් සිටින්නේ සමගි ජන ජනබලවේගයේ බවයි. එම ප්‍රකාශයත් සමග සජිත් ප්‍රේමදාස මහතා තවත් කැළඹීමට පත්ව සිටින බවත් රනිල් වික්‍රමසිංහ මහතා සමග සබඳතා පවත්වන මන්ත්‍රීවරුන් ගැන ඇස ගසා සිටින්නැයි තම හිතවාදී මන්ත්‍රීවරුන්ට පවසා ඇති බවත් සජබ අභ්‍යන්තර ආරංචි මාර්ග තහවුරු කරයි.

- ඔබගේ මිතුරන්ටත් බලන්න Share කරන්න..

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here