පොලිසියට සත්‍ය වෙනුවෙන් පෙනී සිටීමට නොහැකි නම් නිල ඇඳුම ගලවා ගෙදර යන ලෙස කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණෝ පැවසීය.

උන්වහන්සේ මේ අදහස් පළකළේ, ඊයේ (13) කොළඹදී මාධ්‍ය හමුවක් පවත්වමිනි. 

බොරැල්ල සියලු සාන්තුවරුන්ගේ දෙව්මැඳුරේ තිබී හමුවූ ජීව අත්බෝම්බය සිද්ධිය සම්බන්ධයෙන් පොලීසියේ රාජකාරි පිළිබඳ තමන් වහන්සේට සැකයක් මතුවන බව ද උන්වහන්සේ පැවසූහ. 

පොලිසිය සිටින්නේ දේශපාලනඥයින්ට ගැතිකම් කිරීමට නොව අනිත් අහිංසක මිනිසුන් වෙනුවෙන් සත්‍ය සොයා  පැවසීමට බවද උන්වහන්සේ පැවසූහ.

මෙම ජීව අත් බෝම්බ සිදුවීම  සම්බන්ධයෙන් පොලීසිය සිදුකරන පරීක්ෂණ සත්‍යයෙන් තොර ඒවා බවත් එමෙන්ම පොලිසිය සීසීටීවී පරික්ෂා කිරීමේදී උදෑසන කාලය මඟහැර සවස 3න් පසු සිසි ටිවි දර්ශන සොයා බැලීම පිළිබඳව ද සැක මතුවන බව සේම එකී පරීක්ෂණ නොමග යවන සුලු බවත් උන්වහන්සේ පෙන්වා දෙති.

අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්,

“අපේ පල්ලියේ අවුරුදු ගාණක් වැඩකරපු 4 දෙනෙක්ව පොලීසියට කැඳවාගෙන ගියා. පස්සේ පොලිස් මාධ්‍ය ප්‍රකාශකගේ ප්‍රකාශයේ සඳහන් වුණා බෝම්බය තබාගියේ ‘මුනි’ කියන කෙනා කියලා.”

“පොලීසිය අපිට කිව්වේ හවස 3න් පස්සේ CCTV දර්ශන නැරඹුවාම ඇති කියලා. නමුත් අපි මේ CCTV දර්ශන හොඳින් නැරඹුවා. උදේ වරුවේ සිට.”    

“ඒ අනුව අපිට පේනවා.. එදා උදේ 9.52ට පුද්ගලයෙක් දේවස්ථාන භූමියට ඇතුළුවෙනවා.” 

“අපිට පේනවා මේ සිද්ධියේ ඇත්ත හොයාගෙන යනවාට වැඩිය.. කතන්දරයක් ගොතන්නට හදන වැඩක් හැටියට.”  

“ඒ නිසා අපි පොලීසියේ මේ ක්‍රියාදාමය සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරනවා. අවංකකම නැතිව දේශපාලන ලෝකයේ නායකයන්ට ගැතිකම් කරන්න නොවෙයි පොලීසිය තියෙන්නේ.” 

“ඒ නිසා කරුනාකරලා බොරු කරන්න එපා. ඔය යුනිෆෝම් එක ගලවලා දාලා ගෙදර යන්න.” 

- ඔබගේ මිතුරන්ටත් බලන්න Share කරන්න..

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here