දකුණු ඉන්දීය සුපිරි නළුවෙකු වන ධනුෂ්ගේ සහ අයිශ්වර්යා රැජිනිකාන්ගේ දික්කසාද තීරණය මේ වනවිට සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි කතාබහක් ඇතිව තිබේ.

ඔවුන් ගේ රසිකයන් මේ සම්බන්ධයෙන් විවිධ අදහස් පළකිරීමට ඇරඹීමත් සමඟ මෙම පුවත ගින්නක් සේ පැතිර ගොස් ඇත.

ඊයේ රාත්‍රියේ ඔවුන් සිය වෙන්වීම පිළිබඳව මුල්වරට අනාවරණය කිරීමත් සමඟ ඒ පිළිබඳව සිනමා ලෝකයේ මෙන්ම රසිකයන් අතර ද විවිධ මත නිර්මාණය වී ඇත.

දකුණු ඉන්දීය සිනමාව හරහා විශාල ප්‍රේක්ෂක ආදරයක් හිමිකරගෙන සිටින ධනුෂ් මෙරට සිනමා රසිකයන්ගේ ද වීරයෙකි.

ඔහුගේ අතගත් අයිශ්වර්යා රැජිනිකාන්ත් යනු දමිළ සිනමාවේ රජු ලෙස සැලකෙන රැජිනිකාන්ත්ගේ වැඩිමහල් දියණියයි.

මීට වසර 18කට පෙර විවාහ දිවියට එලඹුණු මොවුන්ට පුතුන් දෙදෙනෙකු ද සිටී.

- ඔබගේ මිතුරන්ටත් බලන්න Share කරන්න..

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here