දිනකට පිළිකා රෝග හේතුවෙන් පුද්ගලයන් 40 දෙනකු පමණ මියයන බව ජාතික පිළිකා මර්දන ඒකකයේ අධ්‍යක්ෂිකා විශේෂඥ වෛද්‍ය ඊෂාණි ප්‍රනාන්දු අනාවරණය කළාය.
ඒ අනුව දෛනිකව වාර්තා වන පිළිකා රෝගීන් ගණන 90 ක් බව විශේෂඥ වෛද්‍යවරිය පෙන්වා දුන්නාය.
ඉන් වැඩිපුර වාර්තා වන්නේ පියයුරු පිළිකා වන අතර එහි මරණ ප්‍රමාණය 46%ක් ද මුඛ පිළිකා රෝගීන් 15% ක් ද වන බව ඇය පැවසුවේ කොළඹ සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවේදීය
පසුගිය වසරේ පිළිකා රෝගයෙන් මිය ගිය ගණන 31,848 කි.
- ඔබගේ මිතුරන්ටත් බලන්න Share කරන්න..