ඔව්, හැම කෙල්ලෙක්ටම නැති ආසාවක්, හැම කෙල්ලෙක්ටම නැති පිස්සුවක් මට තිබුනා!

පොඩි කාලෙ Max payne, Hitman, IGI වලින් පටන් ගත්ත ලස්සනම ලස්සන ගේම් පිස්සුවක්, පරනම පරන Dell pc එකකින් 128Mb Ram එකේ ඉදලා ගේම් ගහන්න පුරුදු වුන කාලයක්. ගේම් ගහන්න ආසාවට පොඩි කාලෙ ඉදල උදව් කලේ මගෙ super man. එ තමයි මගෙ තාත්තා. අම්මගෙන් බැනුම් අහගෙන ගේම් CD ගෙනත් දුන්නෙ මගෙ තාත්තා. පැය ගණන් PC එක ඉස්සරහ. අම්මගෙන් බැනුම් කෝටියයි මටයි තාත්තටයි. මගෙ අක්කල දෙන්නට ගේම්ස් ගහන්න ලොකු ආසවක් නැති එක මට ලොකු චාන්ස් එකක් උනා.

ඊට පස්සෙ ඉතින් ඔන්න 5වසරෙ ශිෂ්‍යත්වෙත් තිබ්බ. ඒ කියලා ඉතින් ගේම්ස් ගහන එක නැවැත්තුවෙත් නැහැ. කොහොමහරි එකත් ලාවට ගොඩදාගත්ත. තාත්තට පින්සිද්ද වෙන්න මං ගහපු ගේම්ස් ගොඩාරියයි. එ අතර GTA, Avatar, Devil may cry, nfs, MK, prince of persia තව එකී මෙකී ආසාවෙන් ගහපු ගේම්ස් ගොඩාරියයි. ගොඩක්ම රූ CD එකෙ ආව miniclip ගේම්ස්නුත් ආසවෙන් ගැහුව. මොකද අද කාලෙ තරම් ගොඩක් ගේම්ස් ඒ කාලෙ අපිට තිබ්බෙ නැහැ.

මට මතකයි Ram එක අඩු නිසා සමහර ගේම්ස් මට ගහන්න් බැරි උනත් අපේ පන්තියෙ ගොඩක් පිරිමි ළමයි එයල ගහපු ගේම්ස් ගැන කියද්දි කට ඇරන් අහගෙන ඉන්දලා ඇති ඔනි තරම්.

ඔහොම ඉතින් කාලයක් ගිහිල්ලා අ.පො.ස සා.පෙලත් ගොඩ දාගත්ත. ඔය අස්සෙ ඉතින් සංගීත, චිත්‍ර, නැටුම් වගෙ බාහිර දේවලුත් කලා. එත් ගේම් ගැහිල්ල නන් නතර උනෙ නැහැ. කියන්න සතුටුයි ඉට පස්සෙ අ.පො.ස.උ.පෙලත් පළවෙනි පාරම ගොඩ දාගෙන ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයට තේරෙන්න මට පුළුවන් වෙනවා. ගේම් ගැහිල්ල නන් නතර උනේම නැහැ. අම්මල නම් එත්කොට නන් මුකුත් කිව්ව්වෙ නැහැ එත්කොට පොඩි කුනුකුනුවක් තිබ්බා.

ඔය කාලෙ ඉතින් මට හිතෙන්ව ගේම්ස් ගහල විතරක් මදි. හදන්නත් ඉගෙන ගන්න ඔනි කියන පිස්සුව. විශ්ව විද්‍යාලයේ 3 වෙනි වසරෙදි Intern යන්නත් ගේම් පැත්තෙන්ම යන්න ආස උන මං Arimac Studios එකට apply කරනව. කිසිම experience එකක් නැතුව Arimac එකට ගියපු මට Chamira Prasad Jayasinghe අයියා ගේම්ස් හදන්න ඉගෙන ගන්න ලොකු අවස්ථාවක් දෙනව. එකට මාව Supervise කරපු ඉන්දික අයියාත් ඇරිමැක් හැමෝමත් මට ගොඩක් උදව් කරනව. තිබ්බ පොඩි පොඩි අසනීපත් එක්ක, internship එක දිගටම කරගන්න බැරි උනත් කියන්න සතුටුයි 2D ගේම් එකක් හරි මට හදාගන්න් පුලුවන් වෙන්නෙ චමිර අයියල නිසා. ඊට පස්සෙ ඉතින් පන්ඩිතය වගෙ විශ්ව විද්‍යාලයෙ අවසන් වසර ප්‍රොජෙක්ට් එකටත් 2D ගේම් එකක් හදනව. Budditha Hettige සර් තමයි මාව supervise කලෙ කියන්න සතුටුයි එකම එක කොල්ලෙක් වත් කෙල්ලක් වත් මං වගෙ ගේම්ස් ගැන නන් ප්‍රොජෙක්ට් එකක් කරල තිබ්බෙ නැහැ. හොඳම ප්‍රොජෙක්ට් එකක් විදිහට ලැබෙන්න ඔනි ඉහළම ලකුණු මට ලැබුනා. එත් එක්කම prodigo interactive එකෙන් organize කරන Game jam එකකටත් කොහොමහරි පොඩි ගේම් එකක් හදල දාලා එකෙනුත් experience එකක් ගන්නවා.

ඉතින් විශ්ව විද්‍යාලයේ ඉද්දිම Intern යන කාලෙ BMICH එකෙ EDUCATION FAIR එකක IMI GAMES stole එකෙ ඔන්න වැඩක් බාර දෙනව අපිට. එදා එහෙම් වැඩ කරල පොඩ්ඩ්ක් එළියට ගියම දැක්කෙ දිව්‍ය ලොකයක්, SLT Sri lankan Cyber ගේම් LAN tournament එකක්. Gamer.LK එකෙන් කරපු.

ඔතන ඉතින් පිස්සෙක් වගෙ කට ඇරන් බලන් ඉද්දි තමයි Noob Alliance එකට officially join වෙන්න හම්බෙන්නේ 2018 Nilanka Sampath Predator ලොකු අයියා කතා කරලා මං ගේම් පිස්සෙක් කියලා දැන ගත්‍තහම. exam, assignment, mid, presentation අස්සෙත් ගේම් ගැහිල්ල නන් නැවත්තුවෙ නැහැ. පුලුවන් වෙලාවට LOL, COD, NFS ගැහුව.

වැඩ වැඩිවෙන්න ගත්තහම tournament වල single tittle focus කලා. හෙනම pro නන් නෙමෙයි. එ උනාට tournament වල Mortal Kombat XL නන් අනිව ගැහුවා. අන්තිම Round වලට යනකම්ම. ආසාවට @Gamer.lk එකෙත් ගේමින්ග් caster කෙනෙක් විදිහට experience එකක් ගත්තා. එයලත් මට ලොකු සප්පොර්ට් එකක් දුන්නා Gaming live Caster කෙනෙක් විදිහට qualifications හදාගන්න.

ඔන්න ඔහොම අදට විද්‍යාවේදි තොරතුරු හා සන්නිවේදන තාක්ශන දෙවන පෙල (Hons.)සාමාර්තෙකුත් එක්ක අදට ලංකාවේ විශ්ව විද්‍යාලයක තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය තාවකාලික කතිකාචාර්‍ර්‍යවරියක් උනත් අදටත් මගෙ ගේම්ස් ගහන පුරුද්ද නන් නැති උනෙ නැහැ. (එතනදි Dean සර් මගෙන් මුලින්ම ඇහුවෙ ඔයා නේද LaRa කියන්නෙ කියල Interview එකෙදි.) කියන්න සතුටුයි එනිසා අදට Gaming Side එකෙ Qualifications වැඩිපුරම හදාගත්ත ලංකාවේ ඉන්න එකම ගැහැණු ලමයා මං. එගැන නිහතමානී සතුටක් තියෙනවා.

ඉතින් කියන්න ඔනි උනේ මං ගේම්ස් ගැහුව වගෙම මගෙ අධ්‍යාපනය කියන දෙටත් අවධානය දුන්නා. ලංකාවේ ගේම්ස් නිසා බෙල්ලෙ වැල දාගත්ත, දාගන්න යන නංගිලා මල්ලිලටයි මේ කියන්නෙ.

ගේම්ස් කියන දේ මගෙ ජිවිතෙ වැදගත් දෙයක් උනාට මං මගෙ ජිවිතෙ නාස්ති කරගත්තෙ නැහැ. එහෙම වෙන්නෙත් නැහැ, අපිට පාලනයක් තියෙන්වනම්​​, ගේම්ස් විතරක් නෙමෙයි ඔනිම දෙයක් ඔනි වට වඩා අහිතකරයි. ටෙලිනාට්‍යක් උනත් පැයක් දෙකක් ගේම්ස් ගහල පාඩම් වැඩත් කලා. සමබරතාව. ඔන්න ඔකයි ජිවිතේ දිනන රහස.

ලිවීමෙ අඩුපාඩු ඇති.මං එච්චර හොද රචකයෙක් නෙමෙ. කතාව පුලුවන් තරම් කෙටි කලා. ජිවිතෙට වැදගත් වෙයි කියල හිතලයි ලිව්වෙ. හොද දෙවල් සමාජ ගත වෙන්නෙ හරි අඩුවෙන්.

අයුක්තියේදි විවාදශීලි – අසත්‍යයේදි විචාරශීලි වියත් සභා මැද සමාජශීලී – වියතුන් වී දැය පොබයව්

– මේඛලා උපමාලි (LaRa Streaming)

- ඔබගේ මිතුරන්ටත් බලන්න Share කරන්න..

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here