වසර දෙකක් අරඹයා ඊයේ පැවති රයිගම් ටෙලීස් සමාන උලෙළේ සම්මානයට පාත්‍රවූ සැමට සුබ පතන අතර මගේ සතුටට පාත්‍ර වූ සම්මානයන් කිහිපයක් ගැන මේ කෙටි සටහන තබමි.

සාමාන්‍යයෙන් මම තෝරාගත් ටෙලිනාට්‍ය පමණක් නරඹන්නෙක් වෙන අතර ඒ ටෙලිනාට්‍ය ගැන ඇතැම් තැන්වල කල් ඇතුව යම් යම් සටහන් තබා ඇත්තෙමි.

ඒ අනුව “තණමල්විල කොල්ලෙක්” හා “සකර්ම” ටෙලි නාට්‍ය දෙක සම්මානිත වීම ගැන ඇත්තේ සතුටකි. ටෙලි නාට්‍ය ජූරියක ඉඳ නොගත්තද මටම ආවේනික වූ මිනුම් දඬු අනුව මේ නාට්‍ය දෙක ඒ ඒ වසරට අදාල හොඳම නාට්‍ය දෙකයි. අනතුරුව තුන හතර වශයෙන් තිබුණේ “සුළඟ මහ මෙරක” හා “සංසාරණ්‍ය අසබඩ” නාට්‍ය ද්විත්වයයි.

ඒ අනුව රොෂාන් රවීන්ද්‍ර හා ප්‍රියන්ත ප්‍රනාන්දු සම්මානයට පාත්‍රවීම වියයුත්තක් ව තිබුණි.

එසේම හොඳම නලුවන් ලෙස තුසිත ලක්නාත් හා බිමල් ජයකොඩි ද හොඳම නිළියන් ලෙස චම්පා ශ්‍රියානි හා උදාරි වර්ණකුලසූරිය සම්මානිත වීමට එකඟවෙමි.

සහාය නළු නිළියන් ලෙස සමිත සුදීශ්වර, අංජන ප්‍රේමරත්න හා සුලෝචනා වීරසිංහ සම්මානිත වීමද යුක්ති සහගතය.

නැගී එන රංගන ශිල්පීන් ලෙස ධනුක දිල්ශාන්, තිලක්ෂණී රත්නායක වැන්නවුන් සම්මානිත වීම සුබ ලකුණකි. නමුත් සුබුද්ධි ලක්මාලි ගේ රංග කෞෂල්‍යය ට අසාධාරණයක් වූ බව ද සඳහන් කළයුතුය.

සික්ස්පැක් පියරු බබාලා ජනප්‍රිය නලුවන් ලෙස ඔසවා තැබෙන ක්ෂේත්‍රයක කුසල් මධුරංග වැනි පොළොවේ පයගසා සිටිම්න් රඟ පානවා නොව ඇත්ත ජීවිතය රඟපෑවෙන්න හරින නළුවෙක් සම්මානයට බඳුන්වීම විශ්මය වහා සතුටකි. කුසල් හරි “පාර දිගේ” ගියහොත් (යනු ඇතැයි විශ්වාස කරමි) මගේ ප්‍රියතම බොලිවුඩ් නළුවෙකු වන Nawazuddin Siddiqui මට්ටමට යා හැකි රංග ශිල්පියෙකු බව එකම පූරෝකථනය ලෙස මේ මොහොතේ සටහන් කරමි.

හොඳම ගීතරචකයින් ලෙස අසංක රුවන් සාගර, සුදත් දේවප්‍රිය, මෙන්ම හොඳම සංගීත අධ්‍යක්ෂවරයා ලෙස තරුපති මුණසිංහ, හා ගායිකාව ලෙස ලක්ෂණා ලක්මිණි, ගායකයා ලෙස තුසිත සිම්ප්සන් වෙනුවෙන් අත ඔසවමි.

කෙසේ වෙතත් පැරණි කලාකාරයෝ තමන්ගේ රසිකයා අපමණ දුක්විඳිද්දී දේශපාලකයින් පසුපස උන්ගේ වෘෂණකෝෂ අහුලමින් යන අතර සිය ක්ෂේත්‍රය පවත්වාගෙන යාමේ අපමණ වෙහෙසකර ව්‍යායාමක නිරතවෙමින්, සමාජ වගකීම් ද හැකිපමණ ඉටුකරන අලුත් පරපුර, මෙලෙසින් සම්මානයට බඳුන් වීම සැබෑ සතුටක් නැති කාලයක සතුටට හේතුවක් වූ බවද සඳහන් කරන්නේ ඒ සතුටිනි.

– © කපිල එම්. ගමගේ

- ඔබගේ මිතුරන්ටත් බලන්න Share කරන්න..

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here