සන්ඩේ ලීඩර් හිටපු ප්‍රවීණ මාධ්‍යවේදිනියක් සහ කලාකාරිනියක් වන, එමෙන්ම STV නාලිකාවේ වර්තමාන ප්‍රධාන විධායක අධ්‍යක්ෂිකා සුනාලී රත්නායක, ගිය සිකුරාදා (මාර්තු 25), යුග දිවියට පිවිසියා. ඇගේ අත ගත්තේ චමිල ගුනසේකර ය. ඔවුන්ගේ විවාහ මංගල්‍යය උත්සවය පැවැත්වූයේ කොළඹ ගෝල්ෆේස් හෝටලයේ දී ය.
ඒ සඳහා කලාකරුවන් රැසක් සහ දේශපාලනඥයින් සහභාගි විය. විවාහයේ සාක්ෂියට අත්සන් කරන ලද්දේ ප්‍රවීණ කලාකරුවකු සහ දේශපාලඥයෙකු වන ජීවන් කුමාරතුංගයන්, සහ මාතර දිස්ත්‍රික් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ විසිනි.
මනාලිය හැඩ ගැන්වීම, කළුතර ප්‍රකට රූපලාවන්‍ය ශිල්පිනී දිනූෂා මගගේ විසින් සිදුකරන ලද අතර, මනාලියගේ, මනාලයාගේ සහ දෙවන මනමාලයා සහ දෙවන මනමාලියගේ ඇඳුම් නිර්මාණය කරන ලද්දේ අලුත්ගම සේනාධීර ගෲම් සහ ඔලීවියා බ්‍රයිඩ්ල් වෙතිනි. සුනාලී සහ චමිලගේ දෙවන මනමාලයා වූයේ දෙරණ නාලිකාවේ ප්‍රසිද්ධ නිවේදකයෙකු සහ වැඩසටහන් නිෂ්පාදකවරයෙකු වන හසිත විජේවර්ධන ය.
විවාහ මංගල්‍ය උත්සවය ඡායාරූපගත, සහ වීඩියෝගත කරනු ලැබුවේ, දශක කීපයක් මුළුල්ලේ ම කලා ලොවේ ප්‍රකට නමක් දිනා සිටිනා ප්‍රවීණ ඡායාරූප ශිල්පියකු වන ඉන්දික මල්ලවආරච්චිය.
Photography – Indika Mallawaarachchi








































