රටේ ප්‍රබල දේශපාලනඥයාගේ සිට ප්‍රාදේශීය සභා මන්ත්‍රී දක්වා සිදුකළ බරපතළ වංචා දූෂණ සහිත ලිපි ලේඛන හෙවත් “ෆයිල්” ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් අද (මැයි 3) හෙළිදරව් කරනු ලැබීය.

ඒ, අද පෙරවරුවේ ශ්‍රී ලංකා පදනම් ආයතනයේ පැවති විශේෂ මාධ්‍ය හමුවකදී ය.

එහිදී අමෙරිකාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති ජාලිය වික්‍රමසූරිය මහතා තානාපති කාර්යාලයක් විවෘත කිරීමේදී සිදු කළ අමෙරිකානු ඩොලර් මිලියන 3.3ක අයතා මුදල් පරිහරණය, 2014 වසරේදී මැතිවරණයට දින කිහිපයකට පෙර ගිං නිල්වලා ව්‍යාපෘතිය සඳහා මිලියන 4,100ක් චීන සමාගමකට ලබා දීම හා චීන සමාගම තිරු නඩේසන්ගේ සමාගමකට අයත් වෙනත් ගිණුමකට ඩොලර් මිලියන 5ක් මාරු කිරීම හා එම මුදල් යොදාගෙන මල්වානේ ඉඩම මිල දී ගැනීම සම්බන්ධයෙන් හෙළිදරව් කෙරිණි.

ප්‍රංශ එයාර් බස් ගනුදෙනුව හරහා ඩොලර් බිලියන 2.2ක් වටිනා ගුවන් යානා 14ක් මිල දී ගැනීම සහ එම සාකච්ඡා එවකට කතානායක චමල් රාපක්ෂගේ නිවසේ සිදු කිරීම, එම ගුවන් යානා මිල දී ගැනීමේදී කප්පම් වශයෙන් ඩොලර් මිලියන 16ක් යෝජනා වීම මෙන් ම එයින් ඩොලර් මිලියන 2ක් කප්පමක් ලෙස ලබා ගැනීම පිළිබඳව ද එහිදී හෙළිදරව් කිරීමට අනුර කුමාර දිසානායක මහතා කටයුතු කළේ ය.

එමෙන් ම, එහිදී යෝෂිත රාජපක්ෂ මහතාගේ දේපළ සහ ඉඩම් සම්බන්ධයෙන් ද හෙළිදරව් කෙරුණු අතර හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ ද දේපළ ලැයිස්තුවක් සම්බන්ධයෙන් ද හෙළි කෙරෙණි.

2015 ජනාධිපතිවරණයේදී එවකට අපේක්ෂකයෙකු වූ මහින්ද රාජපක්ෂ මහතාගේ මැතිවරණ ප්‍රචාරණය වෙනුවෙන් රාජ්‍ය ආයතන යොදා ගැනීම, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සංස්කෘතික අරමුදලේ බිලියන තුනක් අනුමැතියකින් තොරව වියදම් කිරීම පිළිබඳව ද එහිදී හෙළිදරව් කිරීමට ඔහු කටයුතු කළේ ය.

හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ වත්කම් හා දේපළ පිළිබඳව ද එහිදී හෙළිදරව් කෙරුණු අතර එහිදී ඔහුට අයත් සිංගප්පූරු බැංකු ගිණුම් දෙකක් සම්බන්ධයෙන් සහ කටුනායක ගුවන්තොටුපොළේ ඔහුට අයත් තීරුබදු රහිත වෙළඳසල් ද්විත්වයක් සම්බන්ධයෙන් ද හෙළිදරව් කෙරිණි.

තවදුරටත් තොරතුරු හෙළි කරමින් ඔහු සඳහන් කළේ, අල්ලස් හෝ දූෂණ කොමිසන් සභාවේ සභාපතිවරයාට එරෙහිව එම කොමිසන් සභාවේ ම විමර්ශනයක් සිදු කෙරෙන බව ය.

වාහනයක් නිදහස් කිරීමට අල්ලසක් ලබා ගැනීම සම්බන්ධයෙන් මෙම විමර්ශනය ක්‍රියාත්මක බව ඔහු වැඩිදුරටත් පැවසීය.

‘රට වනසපු හොරු වළල්ල තොග පිටින් හෙළිදරව්ව’ මැයෙන් පැවති මෙම විශේෂ මාධ්‍ය හමුවේදී මෙරට සිදු කෙරෙනු තව ත් දූෂණ සහ වංචා රැසක් සම්බන්ධයන් හෙළිදරව් කෙරිණි.

සම්පූර්ණ මාධ්‍ය හමුව පහතින්…

- ඔබගේ මිතුරන්ටත් බලන්න Share කරන්න..

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here