හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ එම පවුලේ සාමාජිකයින්ට මහ බැංකු බැඳුම්කර වංචාවෙන් සොරා ගත් මුදල්වලින් කොටසක් බෙදා දුන් බවට දූෂණ විරෝධී හඬ සංවිධානයේ කැඳවුම්කරු වසන්ත සමරසිංහ මහතා විසින් කරන ලද චෝදනාව තරයේ පිළිකුළෙන් යුතුව හෙළා දකින බව ඔහුගේ පුද්ගලික ලේකම් සමීර ද සිල්වා මහතා පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් ඔහු සඳහන් කර ඇත්තේ, දේශපාලන වාසි තකා පදනම් විරහිතව නිර්දෝෂී පුද්ගලයන්ට චෝදනා එල්ල කිරීම සදාචාරාත්මක දේශපාලන ක්‍රියාවක් නොවන බව ත් ඉදිරියේදී මෙම ද්වේශසහගත ප්‍රකාශය සම්බන්ධයෙන් ගත හැකි සියලු ක්‍රියාමාර්ග ගන්නා බව ත් ය.

ඔහු වැඩිදුරට ත් සඳහන් කර ඇත්තේ, මෙය සම්පූර්ණයෙන් ම සත්‍යයෙන් තොර ප්‍රකාශයක් වන අතර මහ බැංකු වංචාවේ දූෂිත ගනුදෙනු හෙළිකර ගැනීමට ශ්‍රී ලංකා ඉතිහාසයේ වෝහාරික විගණන හා ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාරවරුන්ගෙන් සමන්විත ජනාධිපති කොමිසමක් පත් කර මහ බැංකු බැඳුම්කර වංචාව විමර්ශනය කිරීම සඳහා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ කැපවීම අද සමාජයේ බොහෝ දෙනෙකු අගය කරන කරුණක් වන අතර එය දෙස් විද‍ෙස් ගෞරවයට පාත්‍ර වූ කාරණයක් ද බව ය.

රටේ ප්‍රබල දේශපාලනඥයාගේ සිට ප්‍රාදේශීය සභා මන්ත්‍රී දක්වා සිදුකළ බරපතළ වංචා දූෂණ සහිත ලිපි ලේඛන හෙවත් “ෆයිල්” රටට හෙළිදරව් කරනු ලැබීමේ මාධ්‍ය හමුව අද (මැයි 3) ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී පැවැත්විණි.

- ඔබගේ මිතුරන්ටත් බලන්න Share කරන්න..

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here