පාර්ලිමේන්තුවට පිවිසෙන මාර්ගය අසල විරෝධතාවයේ නිරත වූ පිරිසක් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා ප්‍රකාශ කළේ, එම පිරිස අතරින් 12 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත බව ය.
පාර්ලිමේන්තුවට පිවිසෙන මාර්ගය අවහිර කිරීම සහ එහි ගමන් ගත් වාහනවලට බාධා කිරීම හේතුවෙන් ඔවුන් මෙලෙස අත්අඩංගුවට ගත් බව ඔහු පැවසීය.
පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරට ත් සඳහන් කළේ, අත්අඩංගුවට ගත් පිරිස අතර කාන්තාවන් දෙදෙනෙකු සහ පිරිමි පුද්ගලයින් 10 දෙනෙකු සිටින බව ය.
මෙම විරෝධතාව අතරතුර විරෝධතාකරුවන් සහ පොලිස් නිලධාරීන් අතර උණුසුම් තත්ත්වයක් ඇති විය.
- ඔබගේ මිතුරන්ටත් බලන්න Share කරන්න..