ගොඩනැඟිලි අමුද්‍රව්‍ය මිල ශීඝ්‍රයෙන් ඉහළ යෑම හේතුවෙන් දැනට ඉදිකෙරෙමින් පවතින නිවාස සහ ගොඩනැඟිලි බොහෝමයක වැඩ තාවකාලිකව නතර කර ඇති නිසා ගොඩනැඟිලි ද්‍රව්‍ය වෙළෙඳ සල්වල ඇති සිමෙන්ති කොට්ට බොහෝමයක් කල් ඉකුත්වී යෑමට ආසන්නවී ඇතැයි එම වෙළෙඳ සැල් හිමියෝ පවසති.
බොහෝ ගොඩනැඟිලි ද්‍රව්‍ය වෙළෙඳ සල්වල සිමෙන්ති කොට්ට ගොඩගසා තිබෙනු දැකගත හැකිය.
සිමෙන්ති කොට්ට තමුන් මිලදී ගත් තොග මිලට වෙළෙඳාම් කිරීමට උත්සාහ ගත්තද එම මිලට පවා මිලදී නොගන්නා බව වාර්තාවේ.
පසුගිය දා ශ්‍රී ලංකා ජාතික ඉදිකිරීම් සංගමයේ සභාපති සුසන්ත ලියනආරච්චි පැවසුවේ සැරින් සැරේ සිමෙන්ති මිල වැඩි කිරිමට විරෝධය පැමක් ලෙස ඉදිකිරීම් මාස 03කට නතර කරන්න ලෙසයි.
එවිට කල් ඉකුත්වන සිමෙන්ති මුහුදට දාන්න සිදුවන බවද ඔහු පැවසිය.
- ඔබගේ මිතුරන්ටත් බලන්න Share කරන්න..