පසුගියදා හරීන්ද්‍ර ජයලාල් විසින් ඉදිරිපත් කරන අන්තර්ජාල සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් දිලින දක්ෂිල නම් තරුණයා පොල් තෙල් වලින් bio diesel නිපදවන අකාරය ප‍්‍රකාශ කරන ලදී.

එමෙන්ම මෙම වැඩසටහනේ දී අදාළ ඉන්ධන යොදාගෙන ධාවන පරීක්ෂාවක්ද ඉදිරිපත් කරයි.

එහිදී දිලින දක්ෂිල ඉල්ලීමක් කරන්නේ ඉන්ධන අර්බුදයට පිළියමක් ලෙස මෙම bio diesel නිශ්පාදනය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයා ගේ අවධානය යොමුකර දෙන ලෙසයි.

මෙම ඉල්ලීම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ කාර්ය්‍ය මණ්ඩල ප්‍රධානී, හිටපු අමාත්‍ය සාගල රත්නායක ගේ අවධානය යොමුව ඇත.

එහිදී අදාළ තරුණයාව සම්බන්ධ කරගෙන ඇති හිටපු අමාත්‍ය සාගල රත්නායක ඔහුට පොරොන්දු වී ඇත්තේ අනිවාර්යයෙන් අදාළ කරුණ අග්‍රාමාත්‍යවරයා ගේ අවධානයට යොමුකරන බවය.

අගමැති රනිල්ගෙන් දිලිනට ඇමතුමක් !
ඒ අනුව පසුගියදා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ දුරකථනය හරහා ඉන්ධන අර්බුදයට විසඳුමක් ලෙස පොල් තෙල් වලින් bio diesel නිපදවූ Dilina Dakshila අමතා තිබේ.

එහිදී අග්‍රාමාත්‍යවරයා පවසා ඇත්තේ අදාළ සොයා ගැනීම, පොදු භාවිතය සඳහා යොදාගැනීමට ඇති හැකියාව පරීක්ෂා කිරීමට යොමුකරන ලෙසයි.

එසේම මේ සම්බන්ධයෙන් විදුලි බල සහ බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර ගේ අවධානයට යොමුකන බවත්, ඒ ඇතුළු පරීක්ෂණ කටයුතු මෙන්ම ඉදිරියට අවශ්‍ය සම්බන්ධීකරණ කටයුතු ඇතුළු අනෙක් පහසුකම් හිටපු අමාත්‍ය සාගල රත්නායක විසින් සලසනු ඇති බවත් අග්‍රාමාත්‍යවරයා එහිදී පවසා ඇති බවත් වාර්තා වෙයි.

කෙසේ වුවත් මීට පෙරත් විවිධ විකල්ප ඉන්ධන සම්බන්ධයෙන් තොරතුරු වාර්තා වුවත් ඔවුන් බොහෝ දෙනෙකු පරීක්ෂණ කටයුතු සඳහා හෝ ඉදිරිපත් නොවන තත්ත්වයක් පවතී. ඒ බව පසුගිය දිනක අමාත්‍ය කාංචන විජේසේකර ද හෙළිකර සිටියේය.

කෙසේ වුවත් යම් සොයාගැනීමක් සම්බන්ධයෙන් මෙසේ හෝ අවශ්‍ය මූලික මැදිහත්වීම සිදුකිරීම ගැන හිටපු අමාත්‍ය සාගල රත්නායක ට ස්තූති කළ යුතුව ඇත. ඒ ප්‍රතිඵලය කුමක් වුවත් අලුත්දේ සොයන ප්‍රජාවට මේ හරහා උද්ද්‍යෝගයක් ලැබෙන නිසයි.

- ඔබගේ මිතුරන්ටත් බලන්න Share කරන්න..

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here