ඕස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව අතර ගාල්ලේ පැවැත්වෙන ටෙස්ට් දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය මාර්තු මාසයේදී තායිලන්තයේදී හෘදයාබාධයකින් මියගිය බවට සැක කෙරෙන ඔස්ට්‍රේලියානු පා දඟ පන්දු යවන ක්‍රීඩක ෂේන් වෝන් වෙනුවෙන් වෙන් කෙරේ.
ට්විටර් සටහනක් තබමින් සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු සඳහන් කලේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ සංචාරක අමාත්‍යංශය එක්ව ඊට අවශ්‍ය කටයුතු සූදානම් කර ඇති බවයි.
ශේන් වෝන් ගේ පවුලේ සමාජිකයන්ද මෙම ක්‍රිකට් තරගය නැරඹීම සඳහා පැමිණෙන බවට ඔස්ට්‍රේලියා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිළධාරී විසින් තහවුරු කර ඇති බවද අමාත්‍ය හරීන් ප්‍රනාන්දු වැඩිදුරටත් සඳහන් කලා.
- ඔබගේ මිතුරන්ටත් බලන්න Share කරන්න..