අර්බුදය හමුවේ පාලකයන් මෙන්ම ජනතාවද නිර්වින්දනය වී ඇති බවත් නැවතත් සමාජයේ විශාල පිපිරීමක් පෙන්නුම් කරමින් ඇති බවත්. ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා පවසයි.

“අර්බුදය ගෙඩිපිටින් නිර්මාණය කර තනි තනිව වගා කරගෙන කාපල්ලා යැයි කියන නායකයන් සිටින රටක් ලෝකේ කොහෙවත් නැතිව ඇතැයි” ටිල්වින් සිල්වා පැවැසීය. මිනිසුන් පෝලිම්වල මිය ඇදෙද්දී පවා අවම තරමින් තමන්ගේ වැරැදි පිළිගෙන ජාතියෙන් සමාව ගැනීමටවත් ජනාධිපති හෝ කිසිදු දේශපාලනඥයෙක් නිහතමානී නොමැති බවට ටිල්වින් සිල්වා මහතා චෝදනා කළේය.

සමාජයේ නැවත විශාල පිපිරීමක් හටගත හැකි බවද ඔහු කීය.

“රටේ ප්‍රශ්න දිනෙන් දින බරපතළ වෙලා. තෙල්, ගෑස් පෝලිම් කිලෝමීටර් ගණන් තිබෙනවා. ඉන්දීය රේඛීය ණයත් ඉවරයි. ඉන්ධනත් අදින් ඉවරයි. වෙන්නේ මොකක්ද කියලා කවුරුත් දන්නේ නෑ. ජන ජීවිතය සම්පූර්ණයෙන්ම ඇන හිටලා. ආණ්ඩුව ඇතුළු මැති ඇමැතිලාට මේ පෝලිම් මොකුත් පේන්නේ නෑ. මහජන මුදල් කොල්ල කාපු අය අද ඇස් දෙක පියාගෙන ඉන්නවා. විනාශයට රට පාලනය කරපු ඔක්කොම වගකියන්න ඕනෑ.

මේ අර්බුදවල දිග පළල තේරෙන්නෑ. ජනාධිපති ජීවත් වෙන්නේ මේ රටේ නෙවේ වගේ. අර්බුද නිර්මාණය කරලා ආහාර නිෂ්පාදනය කඩාකප්පල් කරලා ජනාධිපති නිලධාරීන් එකතු කරගෙන සුරංගනා කතා කියනවා. අර්බුදය ගැන වගේ වගක් නෑ. මිනිස්සුත් නිර්වින්දන වෙලා. පාලකයොත් නිර්වින්දනය වෙලා. මේ සමාජයේ නැවත විශාල පිපිරීමක් පෙන්නුම් කරනවා. ඒ වගේම තෙල් ටිකවත් දෙන්න පුළුවන් කියන්න හරි කෙනෙක් රටේ තවම නෑ. අර්බුදයෙන් මිදෙන්න තනි තනිව වගා කර ගන්නලු. අර්බුදය හදපු මහත්වරු ඇස් දෙක පියාගෙන බලන් ඉන්නවා. ඔවුන්ට කිසිම වැඩපිළිවෙළක් නැතැයිද ටිල්වින් සිල්වා මහතා වැඩිදුරටත් පැවැසීය.

- ඔබගේ මිතුරන්ටත් බලන්න Share කරන්න..

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here