කොවිඞ් තත්ත්වය දරුණුයි දරුවන් ගමන් ගෙනියන්න එපා – විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා

පවතින කොවිඞ් තත්ත්වය හමුවේ කුඩා දරුවන් විනෝද ගමන්, වන්දනා චාරිකා, නැදෑ ගෙවල්, සුපිරි වෙළඳ සංකීර්ණ ඇතුළු අනවශ්‍ය ගමන් බිමන් සඳහා රැගෙන නොයන්නැයි බොරැල්ල රිජ්වේ ආරියා ළමා රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා දෙමාපියන්ගෙන් ඉල්ලා සිටියේය.

දැනටමත් දරුවන් රැසක් කොවිඞ් රෝගීන් බවට පත් වී ඇතැයි ද හෙතෙම කීය. එසේම කොවිඞ් රෝගීන් වාර්තා වුවත් පාසල් අඛණ්ඩව ම පවත්වාගෙන යා යුතු බව ද හෙතෙම කියා සිටියේය. මෙහිදී තවදුරටත් කතා කළ ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා මෙසේ ද කීය.

කොවිඞ් නැවතත් හිස ඔසවමින් තිබෙන තත්ත්වයක් තියෙන්නේ. ඒ නිසා දරුවන් පරිස්සම් කරගැනීම දෙමාපියන්ගේ වගකීමක්. පාසල් නම් වහන්න එපා. මොකද දරුවෝ ගෙදර හිටියා ම මානසික රෝගීන් බවට පත් වෙනවා. එක එක වීඩියෝ ගේම්වලට ඇබ්බැහි වෙනවා.

- ඔබගේ මිතුරන්ටත් බලන්න Share කරන්න..