බංගලාදේශයේ සිවිල් ගැටුම් හේතුවෙන් මිය ගිය ගණන 100 ඉක්මවයි

බංග්ලාදේශයේ මාරාන්තික සිවිල් ගැටුම් වලින් දිනක් ඇතුළත 100 කට ආසන්න පිරිසක් මිය ගොස් ඇති බව එරට මාධ්‍ය වාර්තා පවසයි.

අගමැති ෂීක් හසීනාගේ රජය විසින් පනවා ඇති රටපුරා ඇඳිරි නීතිය නොතකා සිසුන් ඩකා වෙත පා ගමන් කැඳවා ඇතැයි වාර්තාවල දැක්වෙනවා.

(අගෝස්තු 4) බංග්ලාදේශය පුරා පැතිර ගිය ප්‍රචණ්ඩකාරී රැල්ලකින් අවම වශයෙන් පුද්ගලයින් 91 දෙනෙකු මිය ගිය අතර සිය ගණනක් තුවාල ලැබූ බවයි වාර්තා වුණේ.

දස දහස් සංඛ්‍යාත විරෝධතාකරුවන් විසුරුවා හැරීමට පොලිසිය කඳුළු ගෑස් සහ රබර් උණ්ඩ ප්‍රහාර එල්ල කිරීමත් සමඟ නොසන්සුන්තාවක් හටගෙන තිබුණා.

උත්සන්න වන ප්‍රචණ්ඩත්වයට ප්‍රතිචාර වශයෙන්, ඉරිදා සවස සිට රටපුරා ඇඳිරි නීතිය පැනවීමට ද රජය කටයුතු කර තිබෙනවා.

දුම්රිය ගමන් අත් හිටවූ අතර සහ රටේ දැවැන්ත ඇඟලුම් කර්මාන්තය ද වසා දැමුණා.

පසුගිය මාසයේ ආරම්භ වූ විරෝධතා සහ ප්‍රචණ්ඩත්වය මුලින්ම ඇවිලී ගියේ රජයේ රැකියා වල මතභේදාත්මක කෝටා ක්‍රමයක් අහෝසි කරන ලෙස ඉල්ලා ශිෂ්‍ය කණ්ඩායම් විරෝධතා ඇති කිරිම හේතුවෙනි.

Latest News

More like this

යුරෝපා සංගමයෙන් යුරෝ මිලියන 1.8ක පරිත්‍යාගයක්

යුරෝපා සංගමය ශ්‍රී ලංකාවට යුරෝ මිලියන 1.8ක හදිසි මානුෂීය...

Google Map හි ශ්‍රී ලංකාවේ මාර්ග යාවත්කාලීන කරයි

Google Map හි A හා B මාර්ග සිතියම් යාවත්කාලීන...

Rebuilding Sri Lanka අරමුදලට ලැබුණ ආධාර රු බිලියන 1.8 පනී

'දිට්වා' සුළි කුණාටුවෙන් ඇති වූ විනාශයෙන් පසු රට නැවත...

සහන මුදල් සතපහක් ආපසු හරවා එවන්න එපා.. ජනපති අනුරගෙන් උපදෙස්

ආපදාවට ලක් වූ ස්ථානවල යටිතල පහසුකම් සංවර්ධනය වෙනුවෙන් මෙම...