ආර්ථිකය දුවන පීල්ල මාරු වුණොත් ඉවරයි

අධ්‍යාපනය, ව්‍යවස්ථාව සහ බලය බෙදීම වැනි කරුණු පිළිබඳ විවිධ අදහස් දැරිය හැකි මුත් රටේ ආර්ථිකය ඉදිරියට ගෙන යාමේදී වත්මන් රජයේ වැඩපිළිවෙළ හැර වෙනත් විකල්පයක් නොමැති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කර තිබෙනවා.

එබැවින් එම වැඩපිළිවෙළ ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් මෙවර ජනාධිපතිවරණයේ දී සියලු දෙනා පෙරට පැමිණිය යුතු බව ජනාධිපතිවරයා පවසනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පැවසුවේ ත්‍රිකුණාමලය හෝටල් සංගමය විසින් ත්‍රිකුණාමලය Beach Resort හෝටලයේදී සංවිධානය කර තිබූ හමුවකට සහභාගී වෙමිනි.

ත්‍රිකුණාමලය සංචාරක කේන්ද්‍රස්ථානයක් ලෙස සංවර්ධනය කිරීමට ගෙන ඇති පියවර මෙහිදී පැහැදිලි කළ ජනාධිපතිවරයා මෙරටට පැමිණෙන සංචාරකයන්ගේ ප්‍රමාණය ලක්ෂ 25 සිට ලක්ෂ 50 දක්වා ඉහළ නංවා ගැනීමේ උපායමාර්ගික සැලසුම් පිළිබඳව ද සඳහන් කළා.

එම සංචාරකයන්ගේ පහසුකම් පුළුල් කිරීම වෙනුවෙන් මහා පරිමාණ හෝටල් රැසක් ඉදිකිරීමට සැලසුම් කර තිබෙන බවත් ත්‍රිකුණාමලය සංචාරකයන්ගේ ආකර්ශනීය ගමනාන්තයක් බවට පත් කිරීමේ දී හෝටල් සංගම්වලට ඉටු කළ හැකි කාර්යභාරය පිළිබඳවත් ජනාධිපතිවරයා මෙහි දී සාකච්ඡා කළ බවයි වාර්තා වන්නේ.

Latest News

More like this

රට හදන්න සිරිසේන පවුලෙනුත් කෝටි 10ක්

අරලිය සමූහ ව්‍යාපාරය මඟින් හදිසි ආපදා තත්වය හේතුවෙන් විපතට...

තනි මිනිහෙක්ගෙන් රටක් පාලනය කරන්න පුළුවන්ද..?

ජනාධිපතිවරණය, මහ මැතිවරණ සහ ප්‍රාදේශීය සභා මැතිවරණයේදී අපගේ මාධ්‍ය...

රන්වල අත්අඩංගුවට ගැනීමට පොලිස් කණ්ඩායමක් ජාතික රෝහලට..

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අසෝක රන්වල අත්අඩංගුවට ගැනීම...

ඇමරිකානු උප රාජ්‍ය ලේකම් ඇලිසන් අනුරට දෙන්න පොරොන්දු වුණු වටිනාම දේ

ශ්‍රී ලංකාව හදිසි ආපදා තත්ත්වයකට මුහුණ දී සිටින අවස්ථාවේ...