බංගලාදේශයට අන්තර්වාර රජයක්.. හමුදා ප්‍රධානියා ජාතිය අමතයි

අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනා සිය ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් පසු සියලු පාර්ශවයන්ගේ සහභාගීත්වයෙන් අන්තර්වාර රජයක් පිහිටුවන බව යුධ හමුදා මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් වකාර් උස් සමාන් (Waker-Uz-Zaman) ජාතිය අමතමින් නිවේදනය කර තිබෙනවා.

“සියලු දේශපාලන පක්ෂ සමඟ ඵලදායි සාකච්ඡාවක් පැවැත්වීමෙන් පසු අපි අතුරු ආණ්ඩුවක් පිහිටුවීමට තීරණය කර තිබෙනවා. තත්ත්වය විසඳීම සඳහා අපි දැන් ජනාධිපති මොහොමඩ් ෂහාබුදීන් සමඟ ද සාකච්ඡා කරනවා”

විරෝධතාවයේ නාමයෙන් සිදුවන සියලු ප්‍රචණ්ඩ ක්‍රියා නවත්වන ලෙස ඉල්ලා සිටි ඔහු විරෝධතා අතරතුර සිදුවූ සියලුම මරණ සඳහා නව රජය සාධාරණය ඉටු කරන බවට පොරොන්දු වුණා.

ඩකා විශ්ව විද්‍යාලයේ නීති අංශයේ මහාචාර්ය අසීෆ් නස්රුල්ට විරෝධතාව නවත්වන ලෙස සිසුන්ගෙන් ඉල්ලීමක් කරන ලෙසට ඉල්ලා ඇති බව ද වාර්තා වෙනවා.

ජෙනරාල් වකාර් පැවසුවේ ෂෙයික් හසීනා සිය තනතුරෙන් ඉල්ලා අස්වීමෙන් පසු රට හැර ගිය බවයි.

හමුදා මූලස්ථානයේ පැවති දේශපාලන පක්ෂ සමඟ පැවති රැස්වීමට අවාමි ලීගයේ කිසිදු සාමාජිකයෙකු පැමිණ නොසිටි බව ද ඔහු සඳහන් කළා.

Latest News

More like this

දිගටම මාව විවේචනය කරන්න.. මම රටටම හුස්ම පිඹින එක නතර කරන්නේ නැහැ.. විපක්ෂ නායක සජිත්

විවිධ පුද්ගලයන් විවිධ ආකාරයට මේ ක්‍රියාවලිය නිර්වචනය කළත් මේ...

දිවයින පුරා පොලිස් ස්ථානවල බැලුන් හිඟයක්… සපුගස්කන්දෙත් තිබිලා නෑ

දිවයිනේ බොහෝ පොලිස් ස්ථානවල මත්පැන් පානය කළ බීමත් රියැදුරන්...

‘රන්වල හොඳ මිනිසෙකි’ ආණ්ඩුවේ ස්ථාවරය එළියට

"රංවල.. හොඳ මිනිසෙකි... ඔහු ගැන නොදන්නා අයට අනුකම්පා කරමු.."...

අනුරනේ ඔක්කොම කරන්නේ… 159ක් යැව්වෙ බම්බු ගහන්නද?

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට රට පාලනය කිරීම සඳහා...