බංගලාදේශ අගමැතිනියගේ නිදන යහනටත් ගොඩ වූ මිනිස්සු.. අතට අහුවුණු සියල්ල රැගෙන ගිය හැටි

අගමැතිනි ෂෙයික් හසීනා ඉල්ලා අස්වී රටින් පලා ගිය පසු, බංග්ලාදේශ අගමැතිනිගේ නිල නිවසට කඩා වැදුණු විරෝධතාකරුවන් ගෘහ භාණ්ඩ, ඇඳ ඇතිරිලි වල සිට බොහෝ දේවල් කොල්ලකෑම් සිදු කරන ආකාරය මාධ්‍ය ඔස්සේ විකාශය කළ දර්ශනවලින් දැක ගත හැකි වුණා.

මිනිසුන් අගමැති මන්දිරයේ කළු පැහැති විශාල ගේට්ටු කඩාගෙන එම ස්ථානයට ඇතුළු වූ අතර වීඩියෝවල පෙන්නුම් කළේ ඇතුළත බිත්තිවලට ඡායාරූපවලට පහර දෙන ආකාරයයි.

ඔවුන් අගමැති මන්දිරයේ මුළුතැන්ගෙට ඇතුළු වී අගමැතිනියගේ දහවල් ආහාර පාන ද භුක්ති විඳින ආකාරය එම දර්ශනවලින් පෙන්නුම් කළා.

ඒ විතරක් නොව ඔවුන් අගමැතිනියගේ නිදන කාමරයට ඇතුළු වී ඇගේ යහනට ද ගොඩ වී තිබුණා.

රැස්ව සිටි බොහෝ දෙනෙක් තම ජංගම දුරකථනයෙන් මෙම සිදුවීම රූගත කරමින් සිටින බව ද දැකගත හැකියි.

බොහෝ දෙනෙක් අතට අසුවන දේවල් එනම් පුටු,ඉණිමං,භාජන වැනි දේ රැගෙන යන ආකාරය එම දර්ශනවල සටහන් වී තිබෙනවා.

සමාජ මාධ්‍ය පෝස්ට් සහ සජීවී රූපවාහිනී දර්ශනවල මිනිසුන් කුකුළන්, තාරාවන් සහ හාවුන් ඇතුළු සතුන් ද රැගෙන යන ආකාරය සහ සමහර පුද්ගලයින් සතුන් සමඟ පෙනී සිටිමින් ඡායාරූප ගන්නා අකාරය ද දැක ගත හැකි වුණා.

Latest News

More like this

ඖෂධ ආනයනයට රජය හෝ අමාත්‍යවරයා මැදිහත් වෙන්නේ නැහැ.. ඉස්සරත් එහෙමයි දැනුත් එහෙමයි..

ඖෂධ ආනයනය කිරීම කිසිදු විටකදී අමාත්‍යවරයෙකු හෝ රජයක් මත...

සෞඛ්‍ය ඇමතිතුමනි, අපි මීයොද?

වමනය සහ ක්ලාන්තය පාලනය කිරීම සඳහා රෝගීන්ට ලබා දුන්...

රාජ්‍ය නායකයාට තවම අපේ මහානායක හාමුදුරුවෝ බැහැ දකින්න එන්න බැරි වුණා – කොටපිටියේ රාහුල අනුනාහිමි

රට තුළ කුමන දේශපාලන බලවේගයක් ක්‍රියාත්මක වුවද දේශපාලන නායකත්වය...

දෙදෙනෙක් එළොව ගිය පසු ඔන්ඩන්සෙට්‍රෝන් පිළිබඳ විමර්ශනයක්

නිර්වින්දනය සම්බන්ධයෙන් භාවිත කරන ඔන්ඩන්සෙට්‍රෝන් ඖෂධය භාවිත කිරීමෙන් මරණ...