ක්ලබ් වසන්තගේ නිරුවත් දේහයේ ඡායාරූප ලීක් කළ 30කගෙන් ප්‍රශ්ණ කෙරේ

අතුරුගිරිය ප්‍රදේශයේ දී ඝාත­න­යට ලක්වූ සුරේන්ද්‍ර වසන්ත පෙරේරා මහ­තාගේ දේහයේ
නිරු­වත් ඡායා­රූප සමාජ මාධ්‍යට මුදා­හැ­රීම සම්බ­න්ධ­යෙන් හෝමා­ගම මූලික රෝහලේ
පුද්ග­ල­යින් 30 දෙනෙ­කු­ගෙන් පමණ සාක්ෂි සට­හ­න්ක­ර­ගෙන ඇති බව පොලි­සිය අධි­ක­ර­ණය හමුවේ ඊයේ (05) අනාවරණය කළා.

ඒ කඩු­වෙල මහේ­ස්ත්‍රාත් චාණිමා විජේ­බ­න්ඩාර මහත්මිය ඉදිරියේ මෙතෙක් විම­ර්ශ­න­වල ප්‍රග­තිය අධි­ක­ර­ණය හමුවේ අනා­ව­ර­ණය කරමිනි.

පශ්චාත් මරණ පරී­ක්ෂ­ණය සඳහා එක්වූ වෛද්‍ය සිසුන් හරහා එම ඡායා­රූප සමාජ මාධ්‍ය වෙත මුදා­හැර ඇති බවට අනා­ව­ර­ණය වූ බවයි එහි දී පොලිසිය සඳහන් කළේ.

අදාළ ඝාත­නය සිද්ධි­යට සම්බන්ධ වීඩියෝ දර්ශන මාධ්‍ය ආය­ත­න­ව­ලට ලැබීම සම්බ­න්ධව එම මාධ්‍ය ආය­ත­න­ව­ලින් ප්‍රකාශ සට­හන් කර ගත්තේ ද යන්න මෙහිදී මහේ­ස්ත්‍රා­ත්ව­රිය පොලි­සි­යෙන් විම­සී­මක් කළා.

එහිදී පොලි­සිය අධි­ක­ර­ණය වෙත දන්වා සිටියේ අදාළ සිද්ධිය සම්බ­න්ධ­යෙන් වාර්තා­ක­ර­ණයේ යෙදුණු ප්‍රාදේ­ශීය මාධ්‍ය­වේ­දී­න්ගෙන් ඒ පිළි­බ­ඳව කරුණු සට­හන් කර­ගත් බවයි.

අදාළ මාධ්‍ය ආය­තන හිමි­ක­රු­ව­න්ගෙන් ප්‍රකා­ශ­යක් සට­හ­න්ක­ර­ගන්නා ලෙසත් මෙම නීති කෘත්‍ය සම්බ­න්ධ­යෙන් නීති­ප­ති­ව­ර­යාට ලිඛි­තව දන්වන ලෙසද මහේ­ස්ත්‍රා­ත්ව­රිය එහි දී නියෝග කර සිටියා.

මෙහිදී විම­ර්ශන කට­යුතු සිදු කරනු ලබන නිල­ධා­රීන් විසින් අදාළ සිද්ධිය සම්බ­න්ධ­යෙන් ලබා­ගත් ඩී.එන්.ඒ. සාම්පල කිහි­ප­යක් පිළි­බ­ඳව අධි­ක­ර­ණය වෙත කරුණු දක්වන ලද අතර එම සිද්ධිය සම්බ­න්ධ­යෙන් අනෙක් සැක­ක­රු­වන් අත්අ­ඩං­ගු­වට ගැනීම සඳහා අවශ්‍ය මූලික සැල­සුම් සකස් කර ඇති බවත් අධි­ක­ර­ණය හමුවේ සඳහන් කළා.

මෙම සිද්ධියේ විම­ර්ශන කට­යුතු ඉක්ම­නින් අව­සන් කිරී­මට කට­යුතු කරන ලෙසද අධි­ක­ර­ණය පොලි­සි­යට නියෝග කර තිබෙනවා.

සිද්ධිය සම්බ­න්ධ­යෙන් අත් අඩංගුවේ සිටින එම ටැටූ මධ්‍ය­ස්ථා­නයේ හිමි­කරු ඇතුළු සැක­ක­රු­වන් 10 දෙනා අගෝස්තු මස 20දා දක්වා තව­දු­ර­ටත් රක්ෂිත බන්ධ­නා­ගා­ර­ගත කරන ලෙස කඩු­වෙල මහේ­ස්ත්‍රාත්වරිය නියෝග ලබා දුන්නා.

Latest News

More like this

බැලුන් නෑ කිවු කතාව අතේ රෝලක්.. ජනපති පොලිස් ඇමතිට පලු යන්න අමතලා..

පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වලගේ රිය අනතුර හේතුවෙන් ආණ්ඩුව දැඩි...

ට්‍රම්ප්ව නොසලකා පුටින්ව ලොකු කර ගැනීමට අනුර සැරසේ

ස්වාභාවික ද්‍රව වායු (LNG) පර්යන්තයක් ඉදිකිරීම සහ සපුගස්කන්ද තෙල්...

දේශපාලන වෙනසක් ගැන රනිල් ඉඟි කරයි..

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතා යම් දේශපාලන පෙරළියකට සුදානම්...

2026 සිංහල අලුත් අවුරුද්ද වන විට ආර්ථිකය කඩාගෙන වැටෙනවා.. රනිල්ගෙන් පුරෝකථනයක්

2026 සිංහල අලුත් අවුරුද්ද වන විට ශ්‍රී ලංකාව ආර්ථික...