බංගලාදේශ හිටපු ක්‍රිකට් නායක මොර්ටාසාගේ නිවසටත් ගිනි තියයි

අගමැතිනි ෂෙයික්හ සීනාගේ ඉල්ලා අස්වීම සහ ඇය රටින් පලා යාමත් සමඟ රට තුළ ඇති වූ ප්‍රචණ්ඩත්වය සහ අවුල් සහගත තත්ත්වයන් මධ්‍යයේ හිටපු බංග්ලාදේශ ක්‍රිකට් නායක මෂ්රෆී බින් මොර්ටාසාගේ නිවසට ගිනි තබා ඇති බව වාර්තා වෙනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන මෂ්රෆී මොර්ටාසා, මේ වසර මුලදී බංග්ලාදේශයේ පැවති මහ මැතිවරණයේදී ෂෙයික් හසීනාගේ නායකත්වයෙන් යුත් අවාමි ලීගයේ අපේක්ෂකයෙකු ලෙස අඛණ්ඩව දෙවන වරටත් පාර්ලිමේන්තුවට තේරී පත්ව සිටියා.

එමෙන්ම විරෝධතාකරුවන් දිස්ත්‍රික් අවාමි ලීග් කාර්යාලය ද විනාශ කරනු ලැබූ බවයි වාර්තා වුණේ.

එරට මාධ්‍ය වාර්තා කළේ දැවැන්ත ශිෂ්‍ය විරෝධතාවලින් පසු ෂෙයික් හසීනා රටින් පිටතට පියාසර කිරීමෙන් පසු විරෝධතාකරුවන් මොර්ටාසාගේ නිවස විනාශ කර ගිනිතැබූ බවයි.

මොර්ටාසා බංගලාදේශය වෙනුවෙන් තරග 117කදී නායකත්වය ලබා දී තිබෙනවා.

Latest News

error: Content is protected !!