අනුර නිල වශයෙන් සටනට බහී.. ඇප තැන්පත් කරයි

2024 ජනාධිපතිවරණය වෙනුවෙන් ජාතික ජන බලවේගයේ අපේක්ෂක ලෙස ඉදිරිපත් වන අනුර කුමාර දිසානායක මහතා වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කිරීම අද (06) පෙරවරුවේ රාජගිරිය මැතිවරණ මහලේකම් කාර්යාලයේදී සිදු කෙරුණා.

එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පවසා සිටියේ එළැඹෙන 15 වනදා නාමයෝජනා භාරදීමට සුදානමින් සිටින බවයි.

රට ගොඩනගන ප්‍රතිපත්ති ගරුක වැඩපිළිවෙලක් සහිත දේශපාලනයක් ජයග්‍රහණය කරවීම තම පක්ෂයේ අරමුණ බව එම අවස්ථාවට සහභාගී වෙමින් ඔහු සඳහන් කළා.

රටේ බහුතරයක් ජනතාව මැතිවරණ දිනය පැමිණෙන තුරු පුල පුලා බලාසිටින බවත් පැවසු ඒ මහතා, පැහැදිලි දේශපාලන නායකත්වයක් රටේ නායකත්වයට පත්කිරීමට ඔවුන් කටයුතු කරන බවත්, රටේ ජනතාව මේ වනවිට “අනුරට රට භාරදෙන්න සුදානම්…” බව ද කියා සිටියා.

ජාතික ජන බලවේගය වෙනුවෙන් මේ අවස්ථාව සඳහා මහ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ, ජාතික විධායක සභික විජිත හේරත්, ජාතික විධායක සභික හරිනි අමරසූරිය, ජාතික විධායක සභික මවුලවි මුනීර් මුලෆ්ෆර්, ජාතික විධායක සභික හිනිදුම සුනිල් සෙනෙවි, ජාතික විධායක සභික මහින්ද රත්නායක, ජාතික විධායක සභික ව්‍රායි කැලී බල්තසාර්, ජාතික විධායක සභික එරංග ගුණසේකර, ජනාධිපති නිතිඥ උපුල් කුමරප්පෙරුම, නිතීඥ සුනිල් වටගල ඇතුළු පිරිසක් එක්ව සිටියා.

Latest News

More like this

දිලිත්ගේ නිවසේ අද රාත්‍රී සර්ව විපාක්ෂික සාදයක් !

සර්ව ජන බලය පක්ෂයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීරගේ...

මුහුණේ කැළැල් මකන්න ආ තරුණියට පේරාදෙණිය වෛද්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථානයකදී අතවර !

මුහුණේ ලප කැළැල් සඳහා ප්‍රතිකාර ගැනීමට පැමිණි තරුණියකට අතවර...

තුසිත හල්ඔලුවට වරෙන්තු

ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු අධ්‍යක්ෂවරයකු වන තුසිත හල්ලොලුව වහාම...

රනිල් – නාමල් මල් පාරේ හදිසි සාකච්ඡාවක !

ආණ්ඩුවට එරෙහිව 21 වෙනදා පැවැත්වීමට නියමිත නුගේගොඩ රැලිය සම්බන්ධයෙන්...
error: Content is protected !!