ඉදිරියේ පාකිස්තානයක් බලාගන්න පුළුවන්.. Good Luck හසීනාගේ පුතා වසීඩ් බංගලි ජනතාවට සුබ පතයි

බංග්ලාදේශයේ හිටපු අගමැතිනි ෂෙයික් හසීනාගේ පුත් සජීබ් වසීඩ් රට තුළ නිර්මාණය වූ අරාජිකත්වය පිළිබඳ සිය කණගාටුව ප්‍රකාශ කර තිබෙනවා.

රාජ්‍ය තාන්ත්‍රික වාර්තාකරුවකු වෙත අදහස් පළ කරමින් ඔහු ප්‍රකාශ කර ඇත්තේ ඇය මෑතකාලීනව සිදු කළ සංවර්ධනය ඇතුළු සියලු දෙයින් පසු බංගලාදේශය පාකිස්තානය බවට පත්වීම අනිවාර්ය බවයි.

ප්‍රචණ්ඩකාරී කෝලහාල වර්ධනය වීමත් සමඟ සිය ධුරය අතහැර ෂෙයික් හසීනා ඉන්දියාවට පලා යාමෙන් පසුවයි ඔහු මෙම ප්‍රකාශය සිදු කරනු ලැබුවේ.

ජ්‍යාත්‍යන්තරය සිය මවට කුමන චෝදනා සිදු කළ ද ඇය පසු ගිය වසර 15 ක කාලය තුළ රට ස්ථාවර කළ බව වසීඩ් වැඩි දුරටත් ප්‍රාකශ කර තිබෙනවා.

ප්‍රශ්ණ කිහිපයකට පිළිතුරු දෙමින් ඔහු මෙසේ පැවසුවා.

“මැර කල්ලි පාරේ දුවනවා, ගෙවල්, කම්හල් විනාශ කරනවා, දැන් ආරංචි විදියට ඔවුන් සුළු ජාතීන්ට පහර දෙනවා. ඔබ දන්නවා සටන්කාමීන් සුළු ජාතීන්ට සහ හින්දු කෝවිල්වලට පහරදෙන බව. එබැවින් බංගලිදේශය සැබවින්ම අරාජික තත්ත්වයක පවතී.

ඉතින් ඔබ දැන් ඉන්දියාවේ සිටින ඔබේ මවට කතා කළාද?

ඔව්, මම අද උදේ ඇයට කතා කළා. ඇය හොඳ මනෝභාවයකින් සිටින නමුත් ඇයට බංග්ලාදේශයේ ජනතාව පිළිබඳ දැඩි කළකිරීමක් තියෙනවා.

ඇය ඉක්මනින් ආපසු පැමිණීමට සැලසුම් තිබේද?

කොහෙත්ම නැහැ. ඇයගේ වයස අවුරුදු 77 යි. මේ ඇයගේ අවසන් වාරය. කොහොම හරි මේකෙන් පස්සේ ඇය විශ්‍රාම යන්නයි හිටියේ. ඉතින් ඔවුන් දැන් අපේ අවාමි ලීග් නායකයන් දඩයම් කරමින් සිටින අතර අන්තර්වාර රජයට අවාමි ලීගය ඇතුළත් කර නැහැ. ඉතින් අපි කරදර කරන්නේ ඇයි? ජනතාව ඔවුන්ගේ තේරීම කර ඇති අතර ඔවුන්ට ලැබිය යුතු නායකත්වය ලැබේවි.

අනාගතයේදී දේශපාලනයට සම්බන්ධ වෙන්න අදහසක් නැද්ද?

නෑ. මගේ පවුල තුන් වතාවක් කුමන්ත්‍රණ 3කට මුහුණ දීලා තියෙනවා, මෙයින් පසු ඉවරයි. බංගලිදේශය බේරා ගැනීම අපිටත් ඇති වෙලා. අපි එපා වෙලා ඉන්නේ. බංගලාදේශයට දැන් තමන්ගේ ප්‍රශ්නය විසඳා ගත හැකියි. ඒක අපේ ප්‍රශ්නයක් නෙවෙයි.

අපි දැක්කා ෂෙයික් මුජිබර් රහ්මාන්ගේ දර්ශන, පිළිමවලට හානි කරනවා, මේ වර්ධනයන් ඔබ කොහොමද දකින්නේ..

බංග්ලාදේශයේ ජනතාව ඉතා අකෘතඥ වන බැවින්, ඔවුන්ට ලැබෙන නායකත්වයට ඔවුන් සුදුසු බව මම හිතනවා. ඒක එයාලගේ ප්‍රශ්නයක්.

ඔබ ගොඩක් අධෛර්යයට පත්වෙලා වගේ. අද දවස ඔබට ඉතා අධෛර්යමත් දිනයක් බව පේනවා?

ඇත්ත වශයෙන්ම ඔව්, බංග්ලාදේශය නවීකරණය කිරීමටත්, බංග්ලාදේශය ඩිජිටල්කරණය කිරීමටත්, 21 වැනි සියවසට ගෙන ඒමටත් මමකළ නිසා. මම බංගලිදේශ රජයෙන් කිසිම පඩියක් නොලබා මහන්සි වෙලා වැඩ කළා. මම ගෞරවනීය උපදේශකයෙකු ලෙස වැඩ කළා. මම බංග්ලාදේශ රජයෙන් සතයක්වත් ගත්තේ නැහැ. ඒ වගේම මම එය ඉටු කළා. මම ඩිජිටල් බංග්ලාදේශය හැදුවා, මගේ අම්මා දුප්පත් රට මැදි ආදායම් රටක් බවට පත් කළා. ඉතිහාස පොත්වල, ෂෙයික් හසීනා බංග්ලාදේශයේ ස්වර්ණමය යුගයක් ලෙස සැමවිටම මතකයේ රැඳේවි.

ඉතින් මගේ අවසාන ප්‍රශ්නය, ඔබට බංග්ලාදේශයේ ජනතාවට යම් පණිවිඩයක් තිබේද?

ඔව්, Good Luck!

Latest News

More like this

ඇමෙරිකාවට ශාප වූ ශතයේ කාසිය !

ඇමෙරිකාව තුළ වසර 238 ක කාලයක් සංසරණය වූ කාසියක්...

උසස් පෙළට පෙර දින රෑ නිවසේදී මියගිය දඹුල්ලේ සිසුවිය වස බීලා !

උසස් පෙළට පෙර දින රෑ නිවසේදී මියගිය දඹුල්ලේ සිසුවිය...

‘දුඹුරු සීනි පියා’ කියනවට SH කැමති ලු !

තමන්ට බොහෝ දෙනෙක් ‘දුඹුරු සීනි පියා' (Brown Sugar Daddy)...

රන් මල්ලිගේ කෝටි 400ක අයිස් කිරින්ද අඳගල වැල්ලෙන් අල්ලයි

තිස්සමහාරාම කිරින්ද අඳගල වැල්ලේදී අත්අඩංගුවට ගත් රුපියල් කෝටි 400කට...
error: Content is protected !!