ජනප්‍රිය නිවේදකයාගේ බිරිඳ කටුනායක දී අත්අඩංගුවට

ජනප්‍රිය රූපවාහිනී නාලිකාවල සංගීත වැඩසටහන් ඇතුළු අනෙකුත් වැඩසටහන් මෙහෙය වන්නෙකුගේ බිරිඳ යැයි පැවසෙන කාන්තාවක් ඊයේ (05) උදෑසන ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන කටුනායක ගුවන් තොටුපොළ පොලිසිය වෙත භාර දී තිබෙනවා.

මූල්‍ය වංචා පිළිබඳව කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් පනවා තිබූ ගුවන් ගමන් තහනමක් මත මෙම අත්අඩංගුවට ගැනීම සිදු කළ බව පොලිසිය පවසනවා.

ඒ අනුව ඇය ඊයේ (05) උදෑසන 08.50 ට ඉන්දියාවේ නවදිල්ලි නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 192 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණමින් සිටියදී මෙම අත් අඩංගුවට ගැනීම සිදු කර තිබුණා.

37 හැවිරිදි කුරුණෑගල ප්‍රදේශයේ පදිංචි මෙම කාන්තාව වෛද්‍යවරියක බව යි පොලිසිය පවසන්නේ.

මේ වනවිට මෙම කාන්තාව කටුනායක ගුවන් තොටුපොළ පොලිසිය විසින් කොළඹ , කොල්ලුපිටිය පොලිසිය වෙත ඉදිරි අධිකරණ ක්‍රියාමාර්ග ගැනීම සදහා භාර දී ඇති බව සඳහන්.

Latest News

More like this

රජය ජ්‍යාත්‍යන්තර ආධාර සමුළුව සැලසුම් කරයි

ආපදාවෙන් පීඩාවට පත් රට නැවත ගොඩනැගීම සඳහා සහාය ලබා...

දින කිහිපයකට පසු රන්වලගේ රුධිර සාම්පලයක් රස පරීක්ෂකට…

සපුගස්කන්ද ප්‍රදේශයේදී හිටපු කථානායක සහ පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල...

හමුදා ආචාර පෙළපාලියක සේනාධි නායකයාගේ පෞද්ගලික ආරක්ෂකයා ගමන් කිරීමෙන් පිළිබිඹු වන්නේ කුමක්ද?

ත්‍රිකුණාමලය නාවික සහ සාගරික විද්‍යා පීඨයේදී පෙරේදා (13දා) පැවති...

දිට්වා සම්බන්ධයෙන් විමර්ශනයකට ඉහළ බලැති පාර්ලිමේන්තු කමිටුවක් පත් කරන්න.. පාඨලී

'දිට්වා' සුළි කුණාටුව හැසිරවීම පිළිබඳව විමර්ශනය කිරීම සඳහා ස්වාධීන,...