හිස්බුල්ලා යුද්ධය පටන් ගනී.. ඊශ්‍රායලයට ඩ්‍රෝන ප්‍රහාර මාලාවක්

ලෙබනනය පදනම් කරගත් සටන්කාමී කණ්ඩායමක් වන හිස්බුල්ලා සංවිධානය විසින් උතුරු ඊශ්‍රායලයට අද (අගෝස්තු 6) විශාල ඩ්‍රෝන ප්‍රහාර මාලාවක් එල්ල කළ බව ඊශ්‍රායල මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

ඩ්‍රෝන ප්‍රහාර කිහිපයක් ඊශ්‍රායලයේ ස්ථාන කිහිපයකට එල්ල වූ අතර ප්‍රහාරයෙන් අවම වශයෙන් හය දෙනෙකු තුවාල ලබා ඇති බව මාධ්‍ය වාර්තා පවසනවා.

රොයිටර් පුවත් සේවය වාර්තා කළේ එක් ඩ්‍රෝන ප්‍රහාරයක් නගරයෙන් පිටත ප්‍රධාන මාර්ගයක බස් නැවතුමක් ඉලක්ක කර ගත් බවයි.

තමන් උතුරු ඊශ්‍රායලයේ හමුදා කඳවුරු කිහිපයක් ඉලක්ක කර නමුත් සිවිල් වැසියන් සිටින ස්ථාන කිහිපයකට ප්‍රහාර එල්ල වී ඇති බවත් ඔවුන්ට බරපතල තුවාල සිදු වී ඇති බව හිස්බුල්ලා සංවිධානය පවසා තිබෙනවා.

ප්‍රහාරය එල්ල වූයේ ඊශ්‍රායලය පසු ගිය ජුලි 30 වැනිදා බේරූට් හිදී ජ්‍යෙෂ්ඨ හිස්බුල්ලා හමුදාපති ෆවුඩ් ෂුකර් ඝාතනය කිරීමෙන් පසු හා හමාස් ප්‍රධානි ඉස්මයිල් හනියේ ඉරානයේ දී ඝාතනය කිරීමෙන් අනතුරුව දෙපාර්ශවය අතර ආතතීන් උත්සන්න වෙමින් තිබියදීය.

Latest News

More like this

යුරෝපා සංගමයෙන් යුරෝ මිලියන 1.8ක පරිත්‍යාගයක්

යුරෝපා සංගමය ශ්‍රී ලංකාවට යුරෝ මිලියන 1.8ක හදිසි මානුෂීය...

Google Map හි ශ්‍රී ලංකාවේ මාර්ග යාවත්කාලීන කරයි

Google Map හි A හා B මාර්ග සිතියම් යාවත්කාලීන...

Rebuilding Sri Lanka අරමුදලට ලැබුණ ආධාර රු බිලියන 1.8 පනී

'දිට්වා' සුළි කුණාටුවෙන් ඇති වූ විනාශයෙන් පසු රට නැවත...

සහන මුදල් සතපහක් ආපසු හරවා එවන්න එපා.. ජනපති අනුරගෙන් උපදෙස්

ආපදාවට ලක් වූ ස්ථානවල යටිතල පහසුකම් සංවර්ධනය වෙනුවෙන් මෙම...