අවාමි ලීග් නායකයකුගේ හෝටලයකට ගිනි තබයි.. 24 දෙනෙක් පණපිටින් අළුවෙලා

ෂෙයික් හසීනා අගමැති ධූරයෙන් ඉල්ලා අස්වී රටින් පලා යාමෙන් පසු බංගලිදේශයේ අවාමි ලීග් පක්ෂයේ නායකයෙකුට අයත් තරු හෝටලයකට ගිනි තැබූ කුපිත වූ කණ්ඩායම් ඉන්දුනීසියානු ජාතිකයෙකු ඇතුළු 24 දෙනෙකු පණපිටින් පුළුස්සා දැමූ බව එරට මාධ්‍ය හා රෝහල් ආරංචි මාර්ග ප්‍රකාශ කර තිබෙනවා.

මෙසේ ගිනිතබා ඇත්‍තේ ජොෂෝර් දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් අවාමි ලීගයේ ප්‍රධාන ලේකම් ෂහින් චක්ලදාර්ට අයත් සබීර් ඉන්ටර්නැෂනල් හෝටලයටයි.

සඳුදා (05) රාත්‍රියේ සිදු වූ ගිනි තැබීමෙන් බොහෝ දුරට එහි නවාතැන් ගෙන සිටි අය පණපිටින් පිළිස්සී ගිය බවයි වාර්තා වන්නේ.

“මියගිය අය අතර ඉන්දුනීසියානු ජාතිකයෙක් ද සිටින බව” එරට මාධ්‍ය වාර්තා කළා.

ජොෂෝර් මහ රෝහලේ වෛද්‍යවරුන් පැවසූ ආකාරයට මේ වන විට මළ සිරුරු 24 ක් වාර්තා වී තිබෙනවා.

දිවි ගලවා ගත් හෝටල් කාර්ය මණ්ඩලය පවසා ඇත්තේ සුන්බුන් තුළ තවත් මළ සිරුරු සොයා ගත හැකි වනු ඇති බවයි.

අවාමි ලීග්- Awami League (AL) පාලන තන්ත්‍රයට විරුද්ධ වූ නාඳුනන කණ්ඩායමක් හෝටලයේ බිම් මහල ගිනි තබා ඇති අතර ගින්න ඉක්මනින් ඉහළ මහල දක්වා පැතිර ගිය බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

කුපිත වූ පිරිස් අගනුවර බංගබන්ධු මාවතේ පිහිටි එහි මධ්‍යම කාර්යාලය ඇතුළු අවාමි ලීගයේ නායකයන්ගේ සහ ක්‍රියාකාරීන්ගේ වාසස්ථාන සහ ව්‍යාපාරික ආයතන එකවර විනාශ කළ බවත් මේ අතර වාර්තා වුණා.

Latest News

More like this

අනවසර ඉදිකිරීම් සඳහා කිසිම ඉඩක් නැහැ.. නීති දැඩි කිරීමට ජනපතිගෙන් උපදෙස්

අනවසර ඉදිකිරීම් සඳහා අනාගතයේදී කිසිදු ඉඩක් ලබා නොදෙන බවත්,...

කුණාටුව එන බව දැනගෙන සැඟවූ විපක්ෂයටත් නඩු..

නොවැම්බර් මස 12 වැනි දින කාලගුණ අංශ විසින් රජයට...

නාය යෑමේ අවදානමක් ඇති ඉඩම් රජයට පවරා ගනී

නාය යෑම්වලට ලක් වූ ප්‍රදේශ තවදුරටත් අවදානම් බවට තහවුරු...

සුළිකුණාටුවෙන් දරුවන් රැසකට දෙමව්පියන් අහිමිවෙලා

දිට්වා සුළි කුණාටුව සමඟ ඇති වූ නායයෑම් සහ ගංවතුර...