බංගලාදේශ අගමැතිනියට අපි ණය ගැති විය යුතුයි.. ඇය අපට ණය දුන්නේ අසීරුම වෙලාවක

ශ්‍රී ලංකාව අසීරු අර්බුදයකට මුහුණ දී සිටිය දී බංගලාදේශ අගමැතිනිය ඩොලර් 200ක් ලබා දුන් බව සිහිපත් කළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

බංගලාදේශ නැවත යථා තත්ත්වයට පත්වෙනු ඇති බවට සැකයක් නොමැති බව ද ජනාධිපතිවරයා සඳහන් කළා.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ දී ආරම්භ කෙරුණු 2024 පරිසර, සමාජීය හා පාලනය (ESG) පිළිබඳ සමුළුව අමතමිනි.

“අපගේ මිත්‍ර රටක් වන බංගලාදේශයේ දේශපාලනය පිළිබඳ කතා කිරීමට මා අදහස් නොකරන නමුත් ඒ පිළිබඳ යමක් සඳහන් කළ යුතුයි. ෂෙයික් හසීනා මහත්මිය අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත්ව ගියත්, අප ඉතා අසීරු අවස්ථාවක සිටිද්දී ඇය අපේ රටට ඩොලර් මිලියන 200ක් ලබා දුන් බව මම සිහිපත් කළ යුතුයි.

ඒ නිසා මේ මොහොතේ ඇත්තටම වැටී සිටින පුද්ගලයකු ගැන හොඳ වචනයක් ප්‍රකාශ කිරීම සාධාරණ යැයි මම සිතනවා. කලීඩා සියා මහත්මිය සිරෙන් නිදහස් කිරීම පිළිබඳ මම සතුටු වෙනවා. ෂෙයික් හසීනා මහත්මිය මෙය බොහෝ කලකට පෙර සිදු කළා නම්, ඇයට තවමත් බංගලාදේශයේ අග්‍රාමාත්‍යවරිය ලෙස කටයුතු කළ හැකිව තිබුණා. බංග්ලාදේශයේ තත්ත්වය ඉක්මනින් සමථයකට පත්වේවායි අප ප්‍රාර්ථනා කරනවා යනුවෙන් ද ජනාධිපතිවරයා සඳහන් කර සිටියා.

Latest News

More like this

‘දිට්වා’ විනාශය සුනාමියට වඩා දසගුණයකින් වැඩියි

'දිට්වා’ සුළි කුණාටුවෙන් රටට සිදු වූ ආර්ථික අලාභය 2004...

දිට්වා ගැන ඉන්දීය කාලගුණ අංශ පූර්ව අනතුරු ඇඟවුම් කළ බව ජ්‍යාත්‍යන්තර මාධ්‍ය රැසක් තහවුරු කරයි

දිට්වා සුළි කුණාටුව සම්බන්ධයෙන් ශ්‍රි ලංකාවේ කාලගුණ අංශ මෙන්ම...

විපතක දී ඉතිහාසයේ ගෙවූ දැවැන්තම වන්දිය ජනපති අනුරගෙන්

ස්වභාවික ආපදාවකදී මෙතෙක් ඉතිහාසයේ රජයක් ලබා දුන් දැවැන්තම වන්දි...

හෙලිකොප්ටරයෙන් ගොඩ බැස්සේ 2029 පොදු අපේක්ක්ෂයා ද?

ජනප්‍රිය ටියුෂන් ගුරුවරයෙකු වන 'දිනේෂ් මුතුගල සර්' ආපදාවන්ට ලක්...