තාත්තා ජාතික රෝහලේ සුවය ලබමින් ඉන්නේ.. – මාධවී ඇන්තනි

ප්‍රවීණ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනි මහතා කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සුවය ලබමින් සිටින බව ඔහුගේ දියණිය මාධවී වත්සලා ඇන්තනී සඳහන් කරයි.

රෝහල් කාර්ය මණ්ඩලය ද තම පියාට බොහෝ ආදරය දක්වන බවත් බොහෝ ආදරයෙන් ඔහුව බලා ගනිමින් සිටින බවත් ඇය පැවසුවාය.

හැකි හැම අවස්ථාවකදීම තම පියා බැලීමට යන බවත් ඔහු සුව වී එන තෙක් බලා සිටින බවත් ඇය තවදුරටත් කියා සිටියි.

ඇය මේ බව කියා සිටියේ රූපවාහිනී නාලිකාවක පැවති සාකච්ඡාවකට එක්වෙමිනි.

Latest News

error: Content is protected !!