පොහොට්ටුවේ අපේක්ෂකයා ‘නාමල්’

2024 ජනාධිපතිවරණය වෙනුවෙන් ශ්‍රී ලංකාපොදු ජන පෙරමුණේ අපේක්ෂකයා ලෙස නාමල් රාජපක්ෂ මහතා නම් කර තිබෙනවා.

මීට සුළු මොහොතකට පෙර බත්තරමුල්ල නෙළුම් මාවතේ පක්ෂ මූලස්ථානයේ දී පක්ෂ ලේකම් සාගර කාරියවසම් මහතා විසින් ඒ බව නිවේදනය කළා.

2024 ජනාධිපතිවරණය ප්‍රකාශ කිරීමෙන් අනතුරුව බොහෝ දෙනෙකුගේ අවධානය යොමු වුණේ පොදු ජන පෙරමුණේ අපේක්ෂකයා පිළිබඳවයි.

වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහට පක්ෂයේ අපේක්ෂකත්වය ලබා දීම සම්බන්ධයෙන් සාකච්ඡා වට ගණනාවක් පැවැත්වු ද පක්ෂයේ දේශපාලන මණ්ඩලය පක්ෂයේ අපේක්ෂකයෙක් ඉදිරිපත් කිරීමට ගත් තීරණය සමඟ එම අපේක්ෂාවන් බිඳ වැටුණා.

ඉන් පසු ඊයේ (06) දිනය වෙනතෙක් ව්‍යාපාරික දම්මික පෙරේරා ඒ සඳහ අඉදිරිපත් වනු ඇති බවට ඉඟි පළ කළ ද ඔහු පක්ෂ ලේකම් සාගර කාරියවසම් මහතා වෙත හදිසියේ දන්වා තිබුණේ පෞද්ගලික හේතුවක් මත ඔහුට අපේක්ෂකත්වය භාර ගත නොහැකි බවයි.

එම අවස්ථාවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ යන මහත්වරුන් ඇතුළු පාක්ෂකයින් රැසක් සහභාගී වී සිටියා.

Latest News

More like this

දිලිත්ගේ නිවසේ අද රාත්‍රී සර්ව විපාක්ෂික සාදයක් !

සර්ව ජන බලය පක්ෂයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීරගේ...

මුහුණේ කැළැල් මකන්න ආ තරුණියට පේරාදෙණිය වෛද්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථානයකදී අතවර !

මුහුණේ ලප කැළැල් සඳහා ප්‍රතිකාර ගැනීමට පැමිණි තරුණියකට අතවර...

තුසිත හල්ඔලුවට වරෙන්තු

ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු අධ්‍යක්ෂවරයකු වන තුසිත හල්ලොලුව වහාම...

රනිල් – නාමල් මල් පාරේ හදිසි සාකච්ඡාවක !

ආණ්ඩුවට එරෙහිව 21 වෙනදා පැවැත්වීමට නියමිත නුගේගොඩ රැලිය සම්බන්ධයෙන්...