ධම්මික බෑ කිව්ව ඇත්තම හේතුව

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ 2024 ජනාධිපති අපේක්ෂකයා ලෙස නාමල් රාජපක්ෂ මහතා නම් කිරීම අද (07) උදෑසන නෙළුම් මාවතේ පක්ෂ මූලස්ථානයේ දි සිදුවුණා.

ප්‍රකට ව්‍යාපාරික ධම්මික පෙරේරා එම පෙරමුණේ අපේෂකත්වය භාර ගැනීමට නියමිතව සිටිය ද ඊයේ (06) හදිසියේ පක්ෂ මහලේකම් සාගර කාරියවසම් මහතා වෙත ලිඛිතව දැනුම් දීමක් කරමින් අපේක්ෂකත්වය ප්‍රතික්ෂේප කිරීමට ඔහු කටයුතු කර තිබුණා.

පෞද්ගලික හේතුවක් මත අපේක්ෂකත්වය ප්‍රතික්ෂේප කරන බව සඳහන් කළ ද ඔහුගේ ඉවත් වීම පිටුපස සැබෑ හේතුව වන්නේ මේ වන විට පක්ෂයේ බහුතර මන්ත්‍රීන් ප්‍රමාණයක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහයෝගය දක්වා තිබීම බවයි අභ්‍යන්තර ආරංචි මාර්ග පවසන්නේ.

ධම්මික පෙරේරා පරාජය වීමට ජනාධිපති අපේක්ෂකත්වයට ඉදිරිපත් වේද යන සැකය මුල සිටම පැවතුණත් ඔහු පහි ගිය කාල සීමාව පුරාමඔහුට නියත වශයෙන් ජයග්‍රහණය කළ හැකි බව පවසමින් ඒ සඳහා සූදානම් වන ආකාරයක් දක්නට ලැබුණා.

Latest News

More like this

වටගලගේ නියෝගයෙන් පසු හදිසි නීතිය යටතේ පොලිසිය වැඩට බහී..

ජනාධිපතිවරයාට හා ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ට එරෙහිව සමාජ මාධ්‍ය ඔස්සේ...

'ශ්‍රී ලංකාව නැවත ගොඩනැගීමේ අරමුදලට' මේ දක්වා රුපියල් මිලියන...

පකිස්තානය ලංකාවට ටොන් 80ක මානුෂීය ආධාර එවයි

දිට්වා සුළි කුණාටුවෙන් පසු ඇති වු ආපදා තත්ත්වය මත...

නාමල්ගේ මාසික වැටුප සහ දීමනා ‘ආදරය’ අරමුදලට…

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ මාසික වැටුප සහ දීමනා...