ක්ලබ් වසන්තගේ නිරුවත් ඡායාරූප ලීක් කළේ වෛද්‍ය සිසුන්

අතුරුගිරිය ප්‍රදේශයේ ටැටූ මධ්‍යස්ථානයක් තුළ වෙඩි තබා ඝාතනය කළ ව්‍යාපාරික සුරේන්ද්‍ර වසන්ත පෙරේරාගේ සිරුරේ නිරුවත් ඡායාරූප ප්‍රචාරය කිරීමට වගකිව යුතු වන්නේ පශ්චාත් මරණ පරීක්‍ෂණයට සහභාගි වූ වෛද්‍ය සිසුන් බව අතුරුගිරිය පොලිසිය කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඊයේ (06) දන්වා සිටියා.

මෙම නුසුදුසු ඡායාරූප සමාජ මාධ්‍ය ජාල ඔස්සේ ප්‍රචාරය කිරීම සම්බන්ධයෙන් හෝමාගම මූලික රෝහලේ සේවකයින් 30 දෙනෙකුගෙන් පමණ ප්‍රකාශ ලබාදී ඇති බව පොලිසිය එහි දී අධිකරණයට දැනුම් දෙනු ලැබුවා.

ඔවුන්ගේ විමර්ශනයේ දී ඛේදජනක ඝාතන සිද්ධියට සම්බන්ධ වීඩියෝ දර්ශන මාධ්‍ය මඟින් ප්‍රචාරය කිරීමට කටයුතු කළ මාධ්‍යවේදීන්ගෙන් ද ප්‍රකාශ ලබා ගෙන ඇති බව සඳහන් කළා.

Latest News

error: Content is protected !!