අපේ අරුණගෙන් පස් වැනි තැන ගිලිහෙයි

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ඊයේ (06) රාත්‍රියේ පැවැත්වුණු මීටර 400 ඉසව්වේ අවසන් පූර්ව ටයේ දී පස්වන ස්ථානය ලබා ගත් අරුණ දර්ශනට ඔහු ලබා ගත් ස්ථානය අහිමි වී තිබෙනවා.

එම තත්ත්වය උද්ගත වුණේ ඔහු තම සීමාවෙන් පිටත ධාවනය කිරීම (TR17.2.3) හේතුවෙන්.

ඒ අනුව ඔහු වාර්තා කළ හොඳම පෞද්ගලික කාලය ද අහිමිව ඇති අතර ලබන වසරේ ජපානයේ පැවැත්වෙන ලෝක ශූරතා මළල ක්‍රීඩා තරගාවලියද අහිමි වී තිබෙනවා.

ප්‍රංශයේ පැරිස් නුවර පැවැත්වෙන 33 වැනි ඔලිම්පික් උළෙලේ පිරිමි මීටර 400 ඉසව්වේ අවසන් පූර්ව වටයේ දෙවන තරගයට සහභාගී වූ අරුණ දර්ශන එහි පස්වන ස්ථානය ලබා ගැනීමට ඊයේ සමත් වුණා.

ඒ තත්ත්පර 44.75 ක කාලයකින් තරගය නිම කරමින්.

මෙහි පළමු ස්ථානයට පත් වූයේ ග්‍රෙනේඩියාව නියෝජනය කළ Kirani James විසින්. ඔහු තරගය නිමා කිරීමට ගත කළ කාලය තත්ත්පර 43.78 ක්.

කෙසේ වෙතත් මෙය අරුණ දර්ශනගේ මීටර 400 ඉසව්වේ හොඳම කාලය බව සඳහන්.

Latest News

More like this

අපේ ක්‍රීඩකයින් පාකිස්තානයේදී ගත් තීරණය පිටුපස තුන්වැනි පාර්ශවයක්

පාකිස්ථාන තරග සංචාරයේ නිරත ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින් පිරිසක්...

ඉන්දික ගමගේ ඩුබායි T100 Dubai 2025 තරගයේ ලෝකඩ පදක්කම දිනාගනී

පසුගියදා ඩුබායි හි පැවති 2025 - ඩුබායි T100 Traithlon...

බෙල්ජිම් මැරතන් තරගයේ දී ශ්‍රී ලංකාවේ JOYSON JAFFRY දක්ෂතා අතරට

2025 Brussels Airport Marathon - අර්ධ මැරතන් ධාවන තරගයේ...

LPL: ‘දඹුල්ල තන්ඩර්ස්’ කණ්ඩායමේ හිමිකරුට අධි චෝදනා

ඉකුත් වසරේ පැවති LPL ක්‍රිකට් තරගාවලියේදී එම තරගාවලියට සහභාගි...