ඩකා අගනුවර පොලිසිය හිස්.. පොලිස් බලතලත් කොල්ලන් අතට

ෂෙයික් හසීනාගේ අවුරුදු 15ක අත්තනෝමතික පාලනය අවසන් වී දිනකට පසු, බංග්ලාදේශයේ අගනුවර වන ඩකා අසාමාන්‍ය පෙනුමක් ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා.

සඳුදා සවස 2 ට පමණ අගමැති හසීනාගේ පලා යාමෙන් පසුව ප්‍රීතිමත් ජනකායෙන් පිරී තිබූ නගරයේ වීදි ක්‍රමයෙන් හිස්ව යමින් පැවතුණ ද විරෝධතා දැක්වූ තරුණයන් තවමත් වීදිවල කාලය ගත කරමින් පසුවන බව සඳහන්.

වඩාත්ම කැපී පෙනෙන කරුණ වූයේ පොලිසිය සම්පූර්ණයෙන්ම පාහේ දක්නට නොලැබීමයි.

මිලියන 20 ක පමණ ජනගහනයක් සිටින නගරයේ කොස්තාපල්වරුන් හෝ රථ වාහන මෙහෙයවන සැරයන්වරු ඇතුළු පොලිස් නිලධාරීන් කිසිවකු දක්නට ලැබුණේ නැහැ.

බොහෝ මාර්ගවල රථ වාහන හැසිරවීම අවුරුදු 20 ගණන්වල තරුණයින් අතට පත්ව ඇති බව මාධ්‍ය වාර්තා පෙන්වා දෙනවා.

ගුවන් තොටුපළට සහ පාර්ලිමේන්තුවට පිවිසෙන ප්‍රධාන මංසන්ධියක් වන බිජෝයි සරාණි මන්සන්ධියේ උණ බම්බු, ක්‍රිකට් පිති අත්වල රැගත් තරුණයන් විසින් රථ වාහන හසුරුවන අයුරු දැක ගත හැකි වුණා.

Latest News

More like this

බැසිල් සහ අර්ජුන මහේන්ද්‍රන් ‘ටාගට්’ කරගෙන ලොකු ගේමක් පටන් අරන්!

ආණ්ඩුව මේ වනවිට ඉතා රහසිගත අයුරින් දැවැන්ත මෙහෙයුමක් ආරම්භ...

තියුණු ආයුධයකින් පහරදී දැරියක් ඝාතනය කරලා !

ගම්පොල පොලිස් වසමේ මිල්ලගහමුල, පන්විලතැන්න ප්‍රදේශයේ නිවසක සිටි දැරියකට...

ළමා අපයෝජන ගැබ් ගැනීම් ඉහළට

ළමා ලිංගික අපයෝජන සහ ළමා ගැබ් ගැනීම් ඉහළ අගයක්...

ඇමෙරිකාවට ශාප වූ ශතයේ කාසිය !

ඇමෙරිකාව තුළ වසර 238 ක කාලයක් සංසරණය වූ කාසියක්...