මට මේක සටනක් නෙවෙයි..

මට මේ ජනපතිවරණය සටනක් නොවේ. මා එන්නේ කා එක්කවත් සටන් කරන්න නොවෙයි. මා එන්නේ මගේ ප්‍රතිපත්ති එක්ක යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසා තිබෙනවා.

ඇත්ත කියලා රට බේරගන්න ලෑස්තිද නැතිනම් බොරු කියල රට අවුල් කරන්නද කියලා අපි හිතන්න ඕනේ. කැමති නම් මට ඡන්දය දෙන්න.

මම මේක ඉදිරියට ගෙනියනවා. මම අනෙක් අය වගේ පොරොන්දු දෙන්නේ නෑ. මම කරල පෙන්නලා තියෙනවා. අනෙක් අය පොරොන්දු දෙනවා යැයි ද ජනපතිවරයා මෙහි දී සඳහන් කළා.

මට අනෙක් අපේක්ෂකයන් අභියෝගයක් නෙවෙයි. මම එන්නෙ රටේ අනාගතය වෙනුවෙන්. අනෙක් අපෙක්ෂකයන් එන්නෙ ඔවුන් ගෙ අනාගතය වෙනුවෙන් යැයි ජනපතිවරයා වැඩි දුරටත් සඳහන් කර තිබෙනවා.

මාධ්‍ය ප්‍රධානීන් සමග ජනපතිවරයා අද (07) පැවැති හමුවකදී මෙම අදහස් පළ කර සිටියා.

Latest News

More like this

දිට්වා ගැන ඉන්දීය කාලගුණ අංශ පූර්ව අනතුරු ඇඟවුම් කළ බව ජ්‍යාත්‍යන්තර මාධ්‍ය රැසක් තහවුරු කරයි

දිට්වා සුළි කුණාටුව සම්බන්ධයෙන් ශ්‍රි ලංකාවේ කාලගුණ අංශ මෙන්ම...

විපතක දී ඉතිහාසයේ ගෙවූ දැවැන්තම වන්දිය ජනපති අනුරගෙන්

ස්වභාවික ආපදාවකදී මෙතෙක් ඉතිහාසයේ රජයක් ලබා දුන් දැවැන්තම වන්දි...

හෙලිකොප්ටරයෙන් ගොඩ බැස්සේ 2029 පොදු අපේක්ක්ෂයා ද?

ජනප්‍රිය ටියුෂන් ගුරුවරයෙකු වන 'දිනේෂ් මුතුගල සර්' ආපදාවන්ට ලක්...

දහස් ගණනකගේ කුසගිනි නිවූ විජේරාමේ ප‍්‍රජා මුළුතැන්ගෙය..

විජේරාමේ ප‍්‍රජා මුළුතැන්ගෙය කියන්නේ රටම ආපදාවට පත් වුණාට පස්සේ...