පක්ෂය හැර ගිය සගයින්ට නාමල්ගෙන් ආරාධනාවක්

2024 ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකත්වය භාර ගනිමින් නාමල් රාජපක්ෂ මහතා පක්ෂය හැර ගිය සියලු දෙනාට නැවත පක්ෂයට එක් වන්නැයි ආරාධනා කළා.

අද දින නෙළුම් මාවතේදී පැවති උත්සවයේදි නාමල් රාජපක්ෂ දැක්වූ අදහස් මෙසේය.

පක්ෂයේ දේශපාලන මණ්ඩලයට, පාක්ෂිකයන්ට මේ අභියෝගාත්මක අවස්ථාවේ දී මා කෙරෙහි විශ්වාසය තබලා මේ වගකීම භාර දීම පිලිබඳව විශේෂයෙන් මම ස්තූතිවන්ත වෙනවා. පැහැදිලිවම අපි අභියෝග භාර ගන්න සූදානම්. අභියෝග තිබෙන අවස්ථාවක දී තමයි නායකත්වයට තරුණයන් අවශ්‍ය වන්නෙත්.

අපි අපේ පාක්ෂිකයින් සහ අපේ ප්‍රතිපත්ති කෙරෙහි විශ්වාස කරනවා. මේ රටේ තරුණයින් අපේක්ෂා කරන නූතන පරම්පරාවේ දේශපාලනය මල්ඵල ගැන්වීමට පොදුජන පෙරමුණ ලෙස අපි බලාපොරොත්තු වෙනවා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායකවරයා හැටියටත් ජනාධිපති අපේක්ෂකයා හැටියටත් අපේ පක්ෂය හැර ගොස් රනිල් වික්‍රමසිංහ මැතිතුමා සමඟ සිටන අපේ පොහොට්ටුවේ සියළු දෙනාට මම ගෞරවයෙන් ආරාධනා කරනවා හිත් අමනාපකම්, සිදු වූ අඩුපාඩුකම් අමතක කර අපි සමඟ නැවත එකතු වන ලෙසට.

අපි අනිවාරයෙන්ම ජයග්‍රහණය කරනවා. මගේ ජයග්‍රහණය කියන්නේ පක්ෂයේ ජයග්‍රහණයයි. පක්ෂයේ ජයග්‍රහණය කියන්නේ රටේ ජයග්‍රහණයයි. මැතිවරණය කියන්නේ අභියෝගයක්. අභියෝග වලට මුහුණ දෙන්න තමයි තරුණ අපි ඉන්නේ. අපේ ගනුදෙනුව තිබෙන්නේ අපේ පාක්ෂිකයින් සමගයි. පාක්ෂිකයින් ආරක්ෂා කරමින් රටේ ඒකීයභාවය ආරක්ෂා කරමින් රට ජයග්‍රහණය කරා ගෙන යාමට අපි කැපවෙනවා.

රනිල් වික්‍රමසිංහ මැතිතුමා පොදුජන පෙරමුණ රැවැට්ටුවාද යැයි ඇසූ ප්‍රශ්ණයට පිලිතුරු දෙමින් නාමල් රාජපක්ෂ මැතිතුමා පැවසුවේ එතුමාගේ ප්‍රතිපත්ති එතුමා අනුගමනය කරන බවත් තමන්ගේ ප්‍රතිපත්ති තමන් අනුගමනය කරන බවත්ය.

තමන්ගේ ප්‍රතිපත්තිය අනුගේ ප්‍රතිපත්ති විවේචනය නොකර තමන්ගේ ප්‍රතිපත්තිය ජනතාව හමුවේ තබන බව ඔහු ප්‍රකාශ කළා.

පොහොට්ටුවේ පෙති ගලවන්න උත්සහ කරන්න පුළුවන්. පොහොට්ටුව පිපෙන්නේ මඩෙන්. නැට්ට එකතැනකත් උඩ කොටස තව තැනකත් තිබෙනවා උනත් මේ දෙකම තිබෙන්නේ ජනතාව ලඟයි. ධම්මික පෙරේරා මහතාගේ වෙනස් වීම එතුමාගෙන් අහන්න. මට පැවරිලා තිබෙන වගකීම මම ඉෂ්ඨ කරනවා.

Latest News

More like this

ලොස් ඇන්ජලීස් හි මිනිසුන් රැස්ව සිටි ස්ථානයකට මෝටර් රථයක් කඩා වදී

අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් හි රාත්‍රී සමාජ ශාලාවක් ඉදිරිපිට පිරිසක්...

පන්ති කාමර සිසුන් 25-30 කට සීමා කෙරේ

පන්ති කාමරයක සිසුන් සංඛ්‍යාව 25 ත් 30 ත් අතර...

අරගලයේ ප්‍රචණ්ඩ ක්‍රියා සඳහා මන්ත්‍රීවරු ලබාගත් වන්දි ආපසු ලබා ගැනීමේ නඩුවට දින නියම වේ

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා බලයෙන් පහ කිරීම සඳහා...

ඇමරිකන් බද්ද අඩු කරගන්න ආණ්ඩුවට රනිල්ගෙන් තුරුම්පුවක්..

රී ලංකාවේ අපනයන සඳහා දැනට පනවා ඇති සියයට 30...
error: Content is protected !!