තැන තැන පුළුස්සා මැරූ අවාමි ලීගයේ නායකයින් 20 ක් හමුවේ

රට පුරා ඇති වූ ප්‍රචණ්ඩ විරෝධතා හේතුවෙන් හිටපු අගමැතිනි ෂෙයික් හසීනා රට හැර යාමෙන් පසු මේ වන විට අවාමි ලීග් නායකයින්ගේ මළ සිරුරු 20 ක් බංග්ලාදේශය පුරා සොයා ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා.

අවාමි ලීග් නායකයින්ගේ සහ ක්‍රියාකාරීන්ගේ නිවාස සහ ව්‍යාපාර කොල්ලකෑම් බංග්ලාදේශය පුරා වාර්තා වී ඇති බව ඩකා ට්‍රිබියුන් වාර්තා කර තිබෙනවා.

ඩකා අගනුවර සිට කිලෝමීටර් 100ක් දුරින් පිහිටි කොමිලා නගරයේ පිහිටි හිටපු මන්ත්‍රී එම් ඩී ෂා අලාම්ගේ නිවසට පිරිසක් විසින් ගිනි තැබූ බව සියැසින් දුටු සාක්ෂිකරුවෝ වාර්තා කර තිබුණා.

පාර්ලිමේන්තු මන්ත්‍රී ෂෆිකුල් ඉස්ලාම් ෂිමුල්ගේ නිවසට පිරිසක් විසින් අඟහරුවාදා ගිනි තැබීමෙන් පුද්ගලයන් 4 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා. ඔවුන්ගේ සිරුරු කාමරවල සහ බැල්කනිවල තිබී හමු වූ බවයි වාර්තා වන්නේ.

ඩකා හි අවාමි ලීගයේ ප්‍රධාන කාර්යාලයට ද විරෝධතාකරුවන් ගිනි තබා තිබූ අතර සඳුදා දහවල් 12.30 වන විට එය මුළුමනින්ම ගිනිබත් වී තිබුණා.

බංග්ලාදේශය පුරා, අවාමි ලීග් නායකයින් සහ හින්දු වැනි සුළු ජාතීන්, මුස්ලිම් බහුතරයක් සිටින විරෝධතා කල්ලිවල ප්‍රහාරයට ලක් වූ බව වාර්තා වැඩිදුරටත් පවසනවා.

Latest News

error: Content is protected !!