රනිල් නැවත ජනපති පුටුවට ගියොත් සජිත්, අනුර, නාමල්ට වෙන දේ

සැප්තැම්බර් 21 ජනාධිපතිවරණයෙන් තමන් ජයග්‍රහණය කළහොත් සියලු පක්ෂ සමඟ එක්ව කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

රනිල් වික්‍රමසිංහ මහතා සජිත් ප්‍රේමදාස,අනුර කුමාර දිසානායක, සහ අලුතින් තේරී පත් වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ වෙත ජාතික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා සඳහා ආරාධනා කරන බවයි ඊයේ (07) කොළඹ දී මාධ්‍ය ප්‍රධානීන් අමතා සඳහන් කළේ.

2028 වන විට ණය ගෙවීමට එකමුතු වීම අවශ්‍ය බැවින් ජයග්‍රහණය කළහොත් සියලු දෙනා සමඟ එක්ව කටයුතු කරන අතර ඒ සඳහා තමා සමඟ එක්වන ලෙස සියලු දෙනාට ආරාධනා කරනවා යැයි වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළා.

“මම ජනාධිපති වෙන්න කලින් සජිත් ප්‍රේමදාසට සහ අනුර කුමාර දිසානායකට මාත් එක්ක එකතු වෙන්න කියලා ආරාධනා කළා. නමුත් ඔවුන් එය ප්‍රතික්ෂේප කළා. දැන් පසුතැවිලි වෙන්න පුළුවන්. ඊළඟ වතාවේ මම කිසිම විරුද්ධත්වයක් නැතිව ඔවුන්ව ආණ්ඩුවට ගේනවා”

සියලු පාර්ශ්ව එකට වැඩ කිරීමට ඉගෙන ගත යුතු බවත් වෙස්ට්මිනිස්ටර් ක්‍රමය අනුගමනය කළ යුතු බවත් ජනාධිපතිවරයා වැඩි දුරටත් කියා සිටියා.

Latest News

More like this

බැසිල් සහ අර්ජුන මහේන්ද්‍රන් ‘ටාගට්’ කරගෙන ලොකු ගේමක් පටන් අරන්!

ආණ්ඩුව මේ වනවිට ඉතා රහසිගත අයුරින් දැවැන්ත මෙහෙයුමක් ආරම්භ...

තියුණු ආයුධයකින් පහරදී දැරියක් ඝාතනය කරලා !

ගම්පොල පොලිස් වසමේ මිල්ලගහමුල, පන්විලතැන්න ප්‍රදේශයේ නිවසක සිටි දැරියකට...

ළමා අපයෝජන ගැබ් ගැනීම් ඉහළට

ළමා ලිංගික අපයෝජන සහ ළමා ගැබ් ගැනීම් ඉහළ අගයක්...

ඇමෙරිකාවට ශාප වූ ශතයේ කාසිය !

ඇමෙරිකාව තුළ වසර 238 ක කාලයක් සංසරණය වූ කාසියක්...
error: Content is protected !!