මාර්ග බාධකයේ දී පොලිසිය සමඟ ගැටුමක්.. එක් අයෙක් මරුට

මෝටර් රථයක් පරීක්ෂාවට ලක් කරන අවස්ථාවේ පොලිස් නිලධාරීන් හා පොර බදා ගිනි අවිය උදුරා ගැනීමට තැත් කළ පුද්ගලයකු වෙඩි වැදී බරපතල තුවාල සහිතව මීගමුව මහ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගොස් ඇතිඅතර පොලිස් නිලධාරියකුත් තුවාල ලබා ඇතැයි සීදුව පොලීසිය පවසනවා.

අද (8) අළුයම දොළහයි තිහට පමණ කොටු ගොඩ මස්කඩේ හන්දිය ප්‍රදේශයේ දී ඇතිවූ සිද්ධියෙන් මිය ගොස් ඇත්තේ පූගොඩ බංගලා වත්ත ශානික දේශාන් නමැති තිස් අට හැවිරිදි පුද්ගලයෙක්.

සීදුව දෙස සිට කොටුගොඩ දෙසට මෝටර් රථයක් ධාවනය වී ඇති අතර කොටු ගොඩ මස්කඩේ හන්දියේ තාවකාලික පොලිස් මුරපොලේ සිටි නිලධාරීන් එම මෝටර් රථය නවතා පරීක්ෂාවට ලක් කිරීමට පියවර ගෙන තිබෙනවා.

පොලිස් නිලධාරීන් එම පුද්ගලයන් පරීක්ෂාවට ලක් කරන අවස්ථාවේ එහි සිටි පුද්ගලයන් පොලිස් නිිිිලධාරින් හා පොර බදා ගිනි අවිය උදුරා ගැනීමට තැත් කර ඇතැයි ද ඒ අවස්ථාවේ පොලිස් නිලධාරීයකු අත තිබූ තිබූ ගිනි අවියක් ක්‍රියාත්මක වීමෙන් පොලිස් නිලධාරියකු හා එක් පුද්ගලයකු තුවාල ලබා ඇතැයි පොලිසිය පවසනවා.

තුවාලකරුවන් මීගමුව මහ රෝහලට ඇතුළත් කර ඇති අතර මෝටර් රථයේ පැමිණි පුද්ගලයා එහිදී මිය ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

මෝටර් රථයේ පැමිණි සෙසු පුද්ගලයන් තිදෙනා මේ අවස්ථාවේදී පලා ගොස් ඇතැයි ද ඔවුන් අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ පවත්වන බව ද පොලීසිය වැඩිදුරටත් සඳහන් කළා.

Latest News

More like this

බැසිල් සහ අර්ජුන මහේන්ද්‍රන් ‘ටාගට්’ කරගෙන ලොකු ගේමක් පටන් අරන්!

ආණ්ඩුව මේ වනවිට ඉතා රහසිගත අයුරින් දැවැන්ත මෙහෙයුමක් ආරම්භ...

තියුණු ආයුධයකින් පහරදී දැරියක් ඝාතනය කරලා !

ගම්පොල පොලිස් වසමේ මිල්ලගහමුල, පන්විලතැන්න ප්‍රදේශයේ නිවසක සිටි දැරියකට...

ළමා අපයෝජන ගැබ් ගැනීම් ඉහළට

ළමා ලිංගික අපයෝජන සහ ළමා ගැබ් ගැනීම් ඉහළ අගයක්...

ඇමෙරිකාවට ශාප වූ ශතයේ කාසිය !

ඇමෙරිකාව තුළ වසර 238 ක කාලයක් සංසරණය වූ කාසියක්...
error: Content is protected !!