අලුත් ඡන්ද 12න් 10 ක් එන්නෙ අනුරට.. නාමල් ආව එකෙන් විහිලුවකටවත් අභියෝගයක් නැති වුණා

2024 ජනාධිපතිවරණය සඳහා අලුතෙන් එක් වී ඇති ඡන්ද ලක්ෂ 12න් 10ක් අනිවාර්යයෙන් ලැබෙන අතර 50% ඉක්මවූ දැවැන්ත ජයග්‍රහණයක් ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා වෙත ලැබෙන බව එම පක්ෂයේ විධායක සභික චතුරංග අබේසිංහ මහතා පවසනවා.

කාලයක් තිස්සේ ගොඩ නගමින් ආ ජාතික ජන බලවේගයේ මැතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරය ඉදිරි සති දෙක තුළ තීව්‍ර වනු ඇති බව ඔහු කියා සිටියා.

“දැන් අපට තියෙන්නේ ප්ලේ කරන්න විතරයි. ටීම් එක ට්‍රේන් කරල ඉන්නෙ. 11 දෙනාම හොඳට ශක්තිමත්ව ඉන්නවා. රිසව් කට්ටියත් ඉන්නවා. ගාණට මැච් එක් සෙට් කරල තියෙන්නෙ. දැන් තියෙන්නේ ගහන එක තමයි”

මේ මස 15 වැනි දාවන විට සමස්ත ප්‍රතිපත්තිවල සාරාංශය ඇතුළත් ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශය ද එළි දැක්වීමට සියල්ල සූදානම්.

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ඔවුන්‍ගේ ජනාධිපති අපේක්ෂකයා ලෙස නාමල් රාජපක්ෂ නම් කිරීම තුළ විහිළුවට හෝ සිතූ අභියෝග සියල්ල අවසන් වූ බව ද චතුරංග අබේසිංහ මෙහි දී සඳහන් කළා.

Latest News

error: Content is protected !!