ටේලර් ස්විෆ්ට් ගේ ප්‍රසංගයකට ISIS ත්‍රස්ත ප්‍රහාරයක්.. සැලසුම අනාවරණය වේ

ISIS ත්‍රස්තවාදී ප්‍රහාරයක් පිළිබඳ තොරතුරු අනාවරණය වීමත් සමඟ ඔස්ට්‍රියාවේ වියානා හි ටේලර් ස්විෆ්ට්ගේ ප්‍රසංග තුනක් අවලංගු කර ඇතැයි වාර්තා වෙනවා.

ප්‍රසංග පැවැත්වීමට නියමිතව තිබුණේ අර්න්ස්ට් හැපල් ක්‍රීඩාංගණයේදීය.

මෙම ප්‍රහාරය සැලසුම් කළ පුද්ගලයින් දෙදෙනෙකු මේ වන විට අත් ඩංගුවට ගැනීමට ද පොලිසිය සමත් වී තිබෙනවා.

අර්න්ස්ට් හැපල් ක්‍රීඩාංගනයේ සැලසුම් කර ඇති ත්‍රස්ත ප්‍රහාරයක් පිළිබඳ තහවුරු වීමත් සමඟ ටේලර් ස්විෆ්ට් සහභාගී වන ප්‍රසංග තුනම අවලංගු කළ බව සංවිධායකයන් ද මේ වන විට තහවුරු කර තිබෙනවා.

එම පණිවිඩයම Taylor Swift ගේ කණ්ඩායම විසින් පවත්වාගෙන යනු ලබන Instagram ගිණුමක් වන Taylor Nation විසින් ද පළ කිරීමට කටයුතු කර තිබුණා.

සියලුම ප්‍රවේශපත්‍ර හිමියන්ට ඉදිරි දින 10 තුළ මුදල් ආපසු ගෙවන බව ද එමඟින් නිවේදනය කර තිබෙනවා.

කෙසේ වෙතත් ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ ටේලර් ස්විෆ්ට් තවමත් කිසිදු ප්‍රතිචාරයක් දක්වා නැහැ.

Latest News

error: Content is protected !!