සජිත් දිනවීමට සමගි ජන සන්ධානය එළිදැක්වේ

සමගි ජන බලවේගය ප්‍රමුඛ දේශපාලන පක්ෂ සහ කණ්ඩායම් 10 කට අධික සංඛ්‍යාවකින් යුත් සමගි ජන සන්ධානය කොලඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී අද (8) එළි දැක්වුණා.

මෙම නව සන්ධානය එළිදැක්වීම සිදු වුණේ ඉදිරි ජනාධිපතිවරනයේදී සමගි ජනබලවේගයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට සහයෝගය පළකිරීමේ අරමුණින්.

ජාතික නිදහස සභාව, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය,එක්සත් ජනතා නිදහස් සන්ධානය, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය, දමිළ ප්‍රගතිශීලී සන්ධානය, ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණ, කම්කරු ජාතික පෙරමුණ, කඳුරට ජනතා පෙරමුණ, පුරවැසි බහුජන ව්‍යාපාරය ඇතුළු පක්ෂ සහ සංවිධානය කිහිපයක් සමගි ජන සන්ධානය හා මෙහිදී එක් වුණා.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්වන මනෝ ගනේෂන්, රවුෆ් හකීම්, පලනි දිගම්බරම්, ඩලස් අලහප්පෙරුම, දයාසිරි ජයසේකර, ජී එල් පීරිස්, අර්ජුන රණතුංග, වී. රාධා ක්‍රිෂ්ණන් යන මහත්වරුන් ඇතුලු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.

ප්‍රධාන දාරාවේ දේශපාලන පක්ෂ වලට අමතරව වෘත්තීය සමිති, සිවිල් සංවිධාන ඇතුලු විශාල පිරිසක් සමගි ජන සන්ධානය සමග ගිවිසුම්ගත වීම ද මෙහි දී සිදුව තිබෙනවා.

Latest News

More like this

දිට්වා ගැන ඉන්දීය කාලගුණ අංශ පූර්ව අනතුරු ඇඟවුම් කළ බව ජ්‍යාත්‍යන්තර මාධ්‍ය රැසක් තහවුරු කරයි

දිට්වා සුළි කුණාටුව සම්බන්ධයෙන් ශ්‍රි ලංකාවේ කාලගුණ අංශ මෙන්ම...

විපතක දී ඉතිහාසයේ ගෙවූ දැවැන්තම වන්දිය ජනපති අනුරගෙන්

ස්වභාවික ආපදාවකදී මෙතෙක් ඉතිහාසයේ රජයක් ලබා දුන් දැවැන්තම වන්දි...

හෙලිකොප්ටරයෙන් ගොඩ බැස්සේ 2029 පොදු අපේක්ක්ෂයා ද?

ජනප්‍රිය ටියුෂන් ගුරුවරයෙකු වන 'දිනේෂ් මුතුගල සර්' ආපදාවන්ට ලක්...

දහස් ගණනකගේ කුසගිනි නිවූ විජේරාමේ ප‍්‍රජා මුළුතැන්ගෙය..

විජේරාමේ ප‍්‍රජා මුළුතැන්ගෙය කියන්නේ රටම ආපදාවට පත් වුණාට පස්සේ...