ප්‍රවීන් ජයවික්‍රමට ICCයෙන් දූෂණ වංචා චෝදනාවක්

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දුෂණ විරෝධී රීති උල්ලංගණය කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රීඩක ප්‍රවීන් ජයවික්‍රමට චෝදනා තුනක් එල්ල වී එල්ල වී තිබෙනවා.

ජාත්‍යන්තර තරඟවලදී සහ 2021 ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලියේදී පාවාදීම් සම්බන්ධයෙන් දූෂණ විරෝධී ඒකකය දැනුම්වත් නොකිරීම ඔහුට එල්ල කර ඇති චෝදනාවයි.

දූෂිත ක්‍රියාවන් සිදු කිරීමට අදාළ පණිවිඩ ඔහු විසින් මකා දමා තිබූ බව සඳහන්.

චෝදනාවලට ප්‍රතිචාර දැක්වීමට ඔහුට 2024 අගෝස්තු 6 සිට දින 14 ක කාලයක් ලබා දී තිබෙනවා.

Latest News

error: Content is protected !!