ජපානයට සුනාමි අනතුරු ඇඟවීමක්

ජපානයට අද (අගෝස්තු 8) බලපෑ ප්‍රබල ද්විත්ව භූමිකම්පාවලින් පසු සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.

ජපානයට රික්ටර් මාපකයේ 6.9 ක හා 7.1 ක ප්‍රබල භූ කම්පන දෙකක් ඇති වූ බව එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය (USGC) නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියා.

ඒ අනුව නිරිතදිග ජපන් දූපත් වන කියුෂු සහ ෂිකෝකු හි කලාප කිහිපයක සුනාමි අනතුරු ඇඟවීම් සිදු කළ බවයි වාර්තා වන්නේ.

Latest News

error: Content is protected !!