සුනඛයින්ට ලිංගික අතවර කළ මරා දැමූ සත්ව විද්‍යාඥයාට සිර දඬුවම්

සුනඛයන් ලිංගික අපයෝජනයට ලක් කිරීම සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය කිඹුලන් පිළිබඳ විශේෂඥයකු වන ඇඩම් බ්‍රිටන් වෙත ඕස්ට්‍රේලියාවේදී වසර 10 යි මාස පහක සිර දඳුවමක් නියම වී තිබෙනවා.

සුනඛයන් 40කට අධික සංඛ්‍යාවක් දූෂණය කර වධහිංසා පැමිණවීම සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ල වුණා.

ඔහු සත්ව විද්‍යාඥයෙක් වන අතර BBC සහ National Geographic සඳහා නිෂ්පාදන කිහිපයකට ද සම්බන්ධ වූ අයෙකි.

සත්ව මෛථූන්‍යය සහ සත්ව හිංසනය සම්බන්ධ චෝදනා 56කට ඔහු වරද පිළිගෙන ඇති බවයි සඳහන් වන්නේ.

ඔහුට ඔහුගේ ජීවිත කාලය පුරාවට කිසිදු ක්ෂීරපායී සතෙකු අයිති කර ගත නොහැකි බව ද පැවසෙනවා.

2020 සහ 2022 අතර කාලය තුළ බ්‍රිටන් සිය බිහිසුණු ක්‍රියාවන් සිදු කළ අතර එමඟින් සුනඛයන් 39 දෙනෙකු මිය ගිය බවට චෝදනා එල්ල වුණා.

ඔහුගේ නඩුව උතුරු ප්‍රදේශයේ (NT) ශ්‍රේෂ්ඨාධිකරණයේ විභාග වූ අතර එහිදී 53 හැවිරිදි ඔහු සෑම විටම පාහේ මිය යන සතුන්ට වධහිංසා පමුණුවන බවත් පසුව ඔහු එම වීඩියෝ අන්තර්ජාලයට එක් කළ බවත් පැවසුණා.

Latest News

More like this

ඇමෙරිකාවට ශාප වූ ශතයේ කාසිය !

ඇමෙරිකාව තුළ වසර 238 ක කාලයක් සංසරණය වූ කාසියක්...

උසස් පෙළට පෙර දින රෑ නිවසේදී මියගිය දඹුල්ලේ සිසුවිය වස බීලා !

උසස් පෙළට පෙර දින රෑ නිවසේදී මියගිය දඹුල්ලේ සිසුවිය...

‘දුඹුරු සීනි පියා’ කියනවට SH කැමති ලු !

තමන්ට බොහෝ දෙනෙක් ‘දුඹුරු සීනි පියා' (Brown Sugar Daddy)...

රන් මල්ලිගේ කෝටි 400ක අයිස් කිරින්ද අඳගල වැල්ලෙන් අල්ලයි

තිස්සමහාරාම කිරින්ද අඳගල වැල්ලේදී අත්අඩංගුවට ගත් රුපියල් කෝටි 400කට...
error: Content is protected !!