මාළිමාවේ කාන්තාවෝ කොළඹ දී බලය පෙන්වීමට ලෑස්තියි

බියක් නැති රටක් පුනරුද යුගයක් බිහි කර ගැනීමට මේ රටේ සියලුම කාන්තාවන් නායකත්වය ගනු ඇති බවත් මාලිමාවේ ගැහැනුන්ගේ ජාතික සමුළුව අගෝස්තු 25 වැනිදා කොළඹදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇති බව ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික, පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිනි අමරසූරිය පවසනවා.

රටේ සියලුම ගැහැණුන් අනුර සමඟ සිට ගැනීමට සූදානම් වනු ඇති බව ඇය සඳහන් කළා.

“ගැහැනු අපි එක මිටට” කියන තේමා පාඨයෙන් විශාල දේශපාලනික සංවිධානය වීමක් සහ පිබිදීමක් ඇති වුණා.

“ඔවුන් නායකත්වය ගැනීම සඳහා පෙරට එමින් සිටිනවා. සැප්තැම්බර් 21 ඓතිහාසික තීන්දුවත් සමග මේ රටේ ගැහැනුන් අපේ සහෝදරියන් සංවිධානය කරමින් නායකත්වය ලබාදීම නිසා මහන්සි වී කැපවීමෙන් කටයුතු කර, ගැහැනු අපි නායකත්වය ගැනීමට බිය නැති පාලනයක් බිහිකර ගන්නා බව විශ්වාසයි. සහෝදරියන්, ගැහැනුන් තමන්ට අවශ්‍ය නායකත්වය ලබාගනිමින් ඉදිරි දින කිහිපය තුළ විශාල කාර්යභාරයක් සිදුකරන බව විශ්වාසයි” හරිනි අමරසූරිය වැඩිදුරටත් කියා සිටියා.

ඇය මේ බව පැවසුවේ ජාතික ජන බලවේගයේ කාන්තාවන්ගේ අද (08)පැවැත්වුණු මාධ්‍ය හමුව අතරතුරදීය

අසංවේදී රනිල් වික්‍රමසිංහලා ජනතාව මුලාකරන්න විවිධ දත්ත ඉදිරිපත් කරමින් සහ බොරු ප්‍රකාශ කරමින් සිටින නමුත් අද රටේ සිටින්නේ තව දුරටත් මුලා කළ හැකි පුරවැසියන් නොවන බව ද ඇය කියා සිටියා.

Latest News

More like this

දිට්වා ගැන ඉන්දීය කාලගුණ අංශ පූර්ව අනතුරු ඇඟවුම් කළ බව ජ්‍යාත්‍යන්තර මාධ්‍ය රැසක් තහවුරු කරයි

දිට්වා සුළි කුණාටුව සම්බන්ධයෙන් ශ්‍රි ලංකාවේ කාලගුණ අංශ මෙන්ම...

විපතක දී ඉතිහාසයේ ගෙවූ දැවැන්තම වන්දිය ජනපති අනුරගෙන්

ස්වභාවික ආපදාවකදී මෙතෙක් ඉතිහාසයේ රජයක් ලබා දුන් දැවැන්තම වන්දි...

හෙලිකොප්ටරයෙන් ගොඩ බැස්සේ 2029 පොදු අපේක්ක්ෂයා ද?

ජනප්‍රිය ටියුෂන් ගුරුවරයෙකු වන 'දිනේෂ් මුතුගල සර්' ආපදාවන්ට ලක්...

දහස් ගණනකගේ කුසගිනි නිවූ විජේරාමේ ප‍්‍රජා මුළුතැන්ගෙය..

විජේරාමේ ප‍්‍රජා මුළුතැන්ගෙය කියන්නේ රටම ආපදාවට පත් වුණාට පස්සේ...