අනුර සමගි ජන සන්ධානයේ එකම එක වෙනසක් ගැන කියයි

සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය උදෙසා ඊයේ (08) නිර්මාණය කරගත් සමගි ජන සන්ධානයේ එකම වෙනස සමගි ජන බලවේගයේ සභාපති ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා ඉවතට ගොස් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සභාපති ජී. එල් පීරිස් ඇතුළට ඒම පමණක් බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

එවැනි සන්ධානයකින් ජාතික ජන බලවේගයට කිසිදු අභියෝගයක් නොවන බව ද අනුර කුමාර දිසානායක මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කළා.

මෙය එකම කට්ටිය යළි යළිත් එකතුවීමක් පමණයි.

මෙම සන්ධානය ගැන පැවසිය හැක්කේ කිරෙන් බැද්දත් කොබෙයියා තෙලෙන් බැද්දත් කොබෙයියා යැයි කියා පමණක් බවද අනුර කුමාර දිසානායක මහතා වැඩිදුරටත් සඳහන් කර සිටියා.

Latest News

More like this

වටගලගේ නියෝගයෙන් පසු හදිසි නීතිය යටතේ පොලිසිය වැඩට බහී..

ජනාධිපතිවරයාට හා ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ට එරෙහිව සමාජ මාධ්‍ය ඔස්සේ...

'ශ්‍රී ලංකාව නැවත ගොඩනැගීමේ අරමුදලට' මේ දක්වා රුපියල් මිලියන...

පකිස්තානය ලංකාවට ටොන් 80ක මානුෂීය ආධාර එවයි

දිට්වා සුළි කුණාටුවෙන් පසු ඇති වු ආපදා තත්ත්වය මත...

නාමල්ගේ මාසික වැටුප සහ දීමනා ‘ආදරය’ අරමුදලට…

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ මාසික වැටුප සහ දීමනා...