ජනාධිපතිවරණ අපේක්ෂකයෙකු ඉලක්ක කර ස්නයිපර් ප්‍රහාරයක්..

මෙවර ජනාධිපතිවරණය සඳහා තරග වදින අපේක්ෂකයන් ඉලක්ක කර එල්ල විය හැකි ගුවන් හා ස්නයිපර් ප්‍රහාර පිළිබඳ බුද්ධි අංශ නිලධාරීන් අවධානයෙන් සිටින බවට සමාජ මාධ්‍ය වාර්තා පළ වුණා.

මාධ්‍යවේදී ගයාන් ගාල්ලගේ පවසන්නේ එහි සත්‍යතාවක් පවතින බවත් ඇමරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වෙත එල්ල වූ ප්‍රහාරයත් සමඟ එවැනි අපරාධ අනෙක් රටවලටද ව්‍යාප්ත වීමේ අවධානමක් පවතින බව බුද්ධි අංශ සැක පළ කරමින් සිටින බවයි.

ඒ අනුව මෙවර මැතිවරණයේ අපේක්ෂකයකුට ස්නයිපර් හෝ ගුවන් ප්‍රහාරයක් එල්ල වීමේ තර්ජනයක් පවතින බව බුද්ධි අංශවල විශ්වාසය වී ඇතැයි ඔහු සඳහන් කළා.

එම සැකය මත ඔවුන් වැඩිදුර විමර්ශන සිදු කරමින් සිටියි.

ඒ සඳහා මේ වනවිට සක්‍රීය වී සිටින පාතාලය යොදා ගැනීමේ ඉඩකඩක් පවතින බවත් බොහෝ දුරට ස්නයිපර් ප්‍රහාරයක් එල්ල කරනු ඇති බව බුද්ධි තොරතුරු ලබා දෙන නිලධාරීන් කිහිප දෙනෙකු ප්‍රකාශ කළ බව ඔහු පවසනවා.

පොලිස් බුද්ධි අංශය, යුධ හමුදා බුද්ධි අංශය ඇතුළු ත්‍රිවිධ හමුදා බුද්ධි අංශ මේ පිළිබඳ සකස් කළ වාර්තාවක් දැනටමත් යම් යම් ස්ථාන වෙත ලබා දීමට ද කටයුතු කර තිබෙනවා.

Latest News

More like this

ඇමෙරිකාවට ශාප වූ ශතයේ කාසිය !

ඇමෙරිකාව තුළ වසර 238 ක කාලයක් සංසරණය වූ කාසියක්...

උසස් පෙළට පෙර දින රෑ නිවසේදී මියගිය දඹුල්ලේ සිසුවිය වස බීලා !

උසස් පෙළට පෙර දින රෑ නිවසේදී මියගිය දඹුල්ලේ සිසුවිය...

‘දුඹුරු සීනි පියා’ කියනවට SH කැමති ලු !

තමන්ට බොහෝ දෙනෙක් ‘දුඹුරු සීනි පියා' (Brown Sugar Daddy)...

රන් මල්ලිගේ කෝටි 400ක අයිස් කිරින්ද අඳගල වැල්ලෙන් අල්ලයි

තිස්සමහාරාම කිරින්ද අඳගල වැල්ලේදී අත්අඩංගුවට ගත් රුපියල් කෝටි 400කට...
error: Content is protected !!