මැච් එක බලන්න ආ ජර්මන් ජාතික කථිකාචාර්යවරයෙක්ව මංකොල්ල කාලා

කොළඹ කෙත්තාරාම ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ පැවති ඉන්දියා ශ්‍රී ලංකා අවසන් එක් දින තරගය නැරඹීමට පැමිණි ජර්මන් ජාතික විශ්වවිද්‍යාල කථිකාචාර්යවරයෙකුගේ රුපියල් ලක්ෂ 10කට ආසන්න මුදල් ඇතුළු දේපළ සොරාගෙන ඇති බව මාළිගාවත්ත පොලිසිය පවසනවා.

ඔහු සතුව තිබූ රුපියල් 50,000ක ක් විදේශීය මුදල් යුරෝ 1500 ක් හා ජංගම දුරකතනයක් මෙසේ සොරාගෙන තිබෙනවා.

පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ කථිකාචාර්යවරයා ඉකුත් 7 වැනි දින ක්‍රීඩාංගනයේ බියර් අලෙවිසල අසල සිටිය දී ඔහුගේ ඉණ බැඳි බෑගයේ තිබූ එම මුදල් සහ කලිසම් සාක්කුවේ තිබූ ජංගම දුරකතනය සොරා ගෙන ඇති බවයි.

Latest News

error: Content is protected !!