පොහොට්ටුවේ ඉතිරි අන්තිම මන්ත්‍රීන් 8 දෙනා අවසන් තීරණය ගනී

ආණ්ඩුවේ රාජ්‍ය අමාත්‍ය ධුර දරන ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නාමල් රාජපක්ෂ වෙත සහාය පළ කර සිටින මන්ත්‍රීවරු අට දෙනා එම තනතුරුවලින් ඉවත් වීමට සූදානම් වන බව දේශපාලන ආරංචි මාර්ග පවසනවා.

ඒ අනුව ඉල්ලා අස් වීමට කටයුතු කරමින් සිටින්නේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට සහාය නොදක්වන මන්ත්‍රීන් අට දෙනා වේ.

එම මන්ත්‍රීවරු අට දෙනා අතර සිටින්නේ ඩී.වී චානක ,ශෂීන්ද්‍ර රාජපක්ෂ, තේනුක විදානගමගේ, අශෝක ප්‍රියන්ත, මොහාන් ද සිල්වා, ඉන්දික අනුරුද්ධ, ප්‍රසන්න රණවීර එම මන්ත්‍රීවරුන්ය.

ආණ්ඩුවට සහාය නොදී රාජ්‍ය අමාත්‍යධුරවල රැඳී සිටීම සදාචාරාත්මක නොවන බවට ඔවුන්ට එල්ල වන චෝදනා සැලකිල්ලට ගනිමින් මෙසේ ඉල්ලා අස්වීමට සූදානම් වන බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් රාජ්‍ය අමාත්‍යවරුන් පිළිබඳ ආණ්ඩුව ගන්නා තීරණය සම්බන්ධයෙන් මෙතෙක් ප්‍රතිචාරයක් දක්වා නැහැ.

Latest News

error: Content is protected !!